සෙංකෝලය කැඩුවාට දීමනාව කපා හරී | දිනමිණ

සෙංකෝලය කැඩුවාට දීමනාව කපා හරී

20 වන සංශෝධනය පළාත් සභාවට ගෙන ආ දිනයේ දකුණූ පළාත් සභාවේ සෙංකෝලය රැගෙන ගිය එජාප දකුණු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතාට පසුගිය මසට හිමි පළාත් සභා දීමනාව නොගෙවා ඇතැයි දකුණු පළාත් සභා ආරංචි මාර්ග පවසයි.

මෙයට හේතු වී ඇත්තේ අදාල දිනයේ සෙංකෝලය රැගෙන යාම නිසා එය කැඩී ඇති බැවින් සෙන්කෝලය නැවත සාදා එම මුදල මන්ත්‍රීවරයාගේ දීමනාවෙන් අඩු කර ගැනීමට බව දකුණු පළාත් සභාවේ ප්‍රකාශකයකු පැවසීය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සභා වේ එජාප මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතාගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය,

ඔව් එහෙම කතාවක් තමයි මට කිව්වේ.මම අද 26 දින ගියා මගේ දීමනාව ගන්න. දීමනාව නෑ කිව්වා.

මම දකුණු පළාත් සභා වේ ලේකම්වරයා හමුවෙලා ඇහුවා ඇයි කියලා. ඔහු කිව්වා එදා සිද්දියේ දී සෙන්කොල්ය කැඩිලා.

ඒක හදන්න මුදලක් යනවා. ඒක හදලා ඒ යන ගාන අඩුකරගෙන ඉතිරි මුදලක් ඇත්නම් දෙන්නම් කියලා. සෙන්කෝලය සාදන තෙක් මගේ දීමනාව නවත්වලා බවත් ඔහු මෙහි දී මට පැවසුවා.

මේක පුදුම වැඩක් මම කරේ දකණු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයාගේ තනතුර හෑල්ලුවට පත්වෙන එක වලක්වන්න කර වැඩක්. අනිත් ඒකාබද්ධ විපක්ෂයේ අය තමයි මේ සෙන්කෝලය කැඩුවේ.

දැන් මගෙන් විතරයි අය කරගන්නේ. මේක අසාධාරණයක් බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නව අදහස දක්වන්න