2018 අයවැය සඳහා අදහස් යෝජනා ඉල්ලයි | දිනමිණ

2018 අයවැය සඳහා අදහස් යෝජනා ඉල්ලයි

2018 අයවැය සඳහා අදහස් සහ යෝජනා මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස එම අමාත්‍යාංශය දැනුම්දීමක් කර තිබේ.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ අර්ථික ක්ෂේත්‍රයේ නිෂ්පාදන, කෘෂි හා සේවා අංශයේ සියලු පාර්ශව සඳහා මෙන්ම විද්වතුන්, වෘත්තිකයින් හා මහජනතාවට අයවැය යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකි බවයි.

ලබන 15 වනදාට පෙර එම යෝජනා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, මහ ලේකම් කාර්යාලය, කොළඹ කොටුව යන ලිපිනයට යොමු කරන ලෙස මුදල් අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

2018 අයවැය යෝජනා නොවැම්බර් මස 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ශක්තිමත් ආර්ථිකයක්, පොහොසත් රටක් හා රැකියා දස ලක්ෂයක් උත්පාදනය කිරිම අරමුණු කර ගනිමින් 2018 අයවැය සකස්  කෙරෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

නව අදහස දක්වන්න