05 සහ 12 ප්‍රථිපල නිකුත් කෙරෙන දිනයන් | දිනමිණ

05 සහ 12 ප්‍රථිපල නිකුත් කෙරෙන දිනයන්

පසුගිය දා නිමාවට  පත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල එළඹෙන 05 වැනිදා නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව මගින් සියලු කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

වසරේ නිශ්චිත කාලසටහනකට අනුව ප්‍රධාන විභාගවලට අදාළ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර් 05 වැනිදා නිකුත් කිරීමට නියමිතය.

මේ හරහා හය ශ්‍රේණියට අදාළ අධ්‍යයන කටයුතු එළඹෙන වසරේ ජනවාරි මාසයේම ආරම්භ කිරීමට අවස්ථාව උදාවෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට අමතරව අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 27 වැනිදාත්, අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 වැනිදාත් නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

නව අදහස දක්වන්න