රජයේ ලැප්ටොප් විකිණු සැකකරු රිමාන්ඩ් | දිනමිණ

රජයේ ලැප්ටොප් විකිණු සැකකරු රිමාන්ඩ්

රාජ්‍ය  වාණිජ නිතිගත සංස්ථාවලට අයත් ලැප්ටොප් අලුත්වැඩියා කිරිමට ලබා දුන් පසු ඒම පරිගණක නැවත ලබා නොදී එහි කොටස් ගලවා විකිණු බව කියන සැකකරු ලබන ඔක්තෝබර් මස 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියොග කළාය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණෙ මාමුන්ඩි ප්‍රභාකරන් නැමැති සැකකරුය.

අදාළ සැකකරු ලැප්ටොප් යන්ත්‍ර 25ක් අලුත්වැඩියා කිරීම සදහා ලබා දී ඇති අතර ඒවායේ කොටස් ගලවා විකුණා ඇති බව විමර්ශන අනාවරණය කර ඇත.

කොළඹ වංචා විමර්ශන ඒකකය ට සිදු කළ පැමිණිල්ල කට අනුව විමර්ශන සිදු කිරිමෙන් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

(සුභාෂිණී සේනානායක)


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...