කළු ගඟට ලවන බාධකයක් | දිනමිණ

කළු ගඟට ලවන බාධකයක්

කළු ගඟට ලවන ජලය එකතු වීම වැළැක්වීම සඳහා ලවන බාධකයක් ඉදිකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
 
ගංවතුර පාලනය කිරීම සඳහා ද නිසි වැඩපිළිවෙලක් සකස් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ කළුතර දිස්ත්‍රීක් ලේකම් කාර්යාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්විමකදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

නව අදහස දක්වන්න