මැදවච්චියේ වෛද්‍ය පරීක්‍ෂණ වාර්තා ගැන චෝදනාවක් | දිනමිණ

මැදවච්චියේ වෛද්‍ය පරීක්‍ෂණ වාර්තා ගැන චෝදනාවක්

ලේ මූත්‍රා පරීක්‍ෂා කරන පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලින් ලබා ගන්නා වාර්තා සම්පූර්ණයෙන් වැරදි නිසා රෝගීන්ගේ ජීවිත අනතුරේ බව මැදවච්චිය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් පවසයි.
 
මෙසේ එක් රෝගියෙක් මැදවචිචිය නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයකින්  තම ලේවල සීනි තත්ත්වය පරීක්‍ෂා කිරීමේදී දෙසීය ගනනකට තිබූ අතර, ගතට දැනුන අපහසුතාවයක් නිසා මැදවචිචිය රෝහලට ගොස්  පරීක්‍ෂා කිරීමේදී සීනි තත්ත්වය පන්සිය ගනනක් වන බව පෙනී ගියෙන් වහාම  රෝහල් ගතවන ලෙස වෛද්‍ය උපදෙස් ලැබිණි.
 
මෙවැනි ආකාරයෙන්ම හිමොග්ලොබින් පරීක්‍ෂා කළ ගර්භණී මාතාවකගේ හිමොග්ලොබින් තත්ත්වය 8.1 ක් බව පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයෙන් වාර්තාවක් ලබා ගත්පසු රෝහල්ගතවී පරීක්‍ෂා කිරීමේදී එම තත්ත්වය 9.7 ක් වශයෙන් වාර්තා විය.
 
පළමු වසරේ ඉගෙනුම ලබන දරුවෙකු උණ ගැනිමෙන් පසු පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලේ පරීක්‍ෂා කිරීමේදී කිසිවක් නොමැති බවට වාර්තාවක් ලබාදුන් නමුත් එම දරුවාගේ දෙමාපියන් අනුරාධපුර රෝහලට ගෙනගොස් දරුවා පරීක්‍ෂා කිරීමේදී ලේවලට විෂබීජයක් ඇතුලත්වී ඇති බව සොයා ගැණිනි.
 
මෙවැනි ආකාරයෙන් තව කොතෙක් රෝගීන්ට වැරදි වාර්තා ඉදිරිපත් කර ඇත්දැයි දන්නේ එම වෛද්‍ය මධ්‍යස්ථාවයේ අයම පමණි .
 
ඇතැම් විට මෙහි යන්ත්‍රවල දෝෂයක් වන්නට ඇත.
 
නැතහොත් මෙහි සේවය කරන අයගේ වැරැද්දක් වන්නට පුලුවන කෙසේ වෙතත් මෙවැනි පරීක්‍ෂණ  වාර්තාවලින් ජීවිතවල අවධානම භාර ගන්නේ කව්රුන්දැයි කිසිවෙකු නොදනී. 
 
(වවුනියාව මධ්‍යම විශේෂ)
 
 
 
 
 
 

නව අදහස දක්වන්න