විජයකලා - තමිල් මාරන්ට එරෙහිව හර්තාල් | දිනමිණ

විජයකලා - තමිල් මාරන්ට එරෙහිව හර්තාල්

විද්‍යා ඝාතකයින් රැක ගැනීමට උපකාර කළ පිරිස අත්අඩංගුවට ගත යුතු බවට බල කරමින් 30 වැනිදා යාපනයේ හර්තාලයක් පවත්වන බවට යාපනය නගරයේ පොස්ටර් අලවා තිබේ.

යාපනය ජනතාව පවසන්නේ, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් හා ස්විස් කුමාර්ට උපකාර කළ නීතිඥ තමිල් මාරන් නමැත්තාගේ ජායාරූප යොදා පෝස්ටරය අලවා ඇති බවයි.

විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් අත්අඩංගුවේ සිටින අවස්ථාවේ දී අදාළ සැකකරු මුදා හැරීම වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් හා නීතිඥ තමිල්මාරන් නමැත්තා උපකාර කළ බවට යාපනය ජනතාව චෝදනා කරයි.

අදහස් 1ක් ඇත

That vijayakala woman is a disgrace to humanity. People who elected her should be ashamed of themselves.

නව අදහස දක්වන්න