දියවැඩියාවට කොලෙස්ටරෝල්වලට ගුණ හෙළ ඔසු | දිනමිණ

දියවැඩියාවට කොලෙස්ටරෝල්වලට ගුණ හෙළ ඔසු

වර්තමානය වනවිට බොහෝ දෙනාට ජීවත් වීමට සිදුවී ඇත්තේ, විවිධ ජනප්‍රිය ලෙඩරෝග සමඟ ය. ඒ අතරින් දියවැඩියාව සහ කොලොස්ටෝරෝල් ප්‍රමුඛ වේ. ඒවායින් මිදීම සදහා හෙළ ඔසු යොදා සකසා ගන්නා කැඳ ඉතාමත් ම ගුණදායක ය .

අප සාමාන්‍යයෙන් පිළියෙළ කරන කොළ කැඳවල විටමින් C,A,E අඩංගු ය. එසේ ම, ෆ්ලෙවනොයිඩ්ස් ද අඩංගු වන බැවින්, මේවා ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරයි. මේ රසායනික සංයෝග, ග්ලූකෝස් අණු සහ කොලෙස්ටරෝල් අණු අක්‍රීය කර, සෛලයට අවශ්‍ය ග්ලූකෝස් පමණක් ලබාදී, වැඩි ග්ලූකෝස් ඉවත් කරයි. එබැවින්, දියවැඩියා රෝගීන්ගේ ග්ලූකෝස් තත්ත්වය පාලනය වේ. ඔක්සිකාරක භාරය අඩු වේ.

මීට එකතු කරන එනසාල්, මුංඇට, උළුහාල්, රතුහාල්, සූදුරු, මහදුරු, කුරුඳු පොතු නිසා, ඒවායේ ඇති ප්‍රතිඔක්සිකාරක මඟින් ග්ලූකෝස් ඉවත් කිරීමේ කාර්යය පාලනය තවත් වැඩි කරයි. එමනිසා,හෙළ ඔසු අන්තර්ගත කර කැඳ පානය කිරීමෙන්, දියවැඩියා රෝගීන් ද , කොලොස්ටරෝල් රෝගීන්ට ද සිය රෝගය පාලනය කරගත හැකි ය. එවිට, යම් දිනක දියවැඩියාව හා කොලොස්ටරෝල් නිසා ඇතිවන අතුරු ආබාධ, මරණ ද අඩුකර ගත හැකි ය.

තොරතුරු - වෛද්‍ය ඩබ්. ඩබ්. එස්. ඩබ්. සී .ප්‍රනාන්දු ආහාර හා පෝෂණ විශේෂඥ

පවුල් සෞඛ්‍ය කාර්යාංශය

යශෝදා

නව අදහස දක්වන්න