ඇවන්ට්ගාඩ් නඩුව මාර්තු සිට දිනපතා විභාගයට | දිනමිණ

ඇවන්ට්ගාඩ් නඩුව මාර්තු සිට දිනපතා විභාගයට

ඇවන්ට්ගාඩ් අවි ගබඩාව සම්බන්ධයෙන් වන නඩුව මාර්තු 19 දා සිට දිනපතා විභාගයට ගැනිමට අද (03දා) තීරණය කළේය.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහගේ නියෝගයකට අනුවයි.

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහි මෙම නඩුව පැත්වෙන අතර ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබාඳීම සඳහා රුපියල් ලක්ෂ 355ක අල්ලසක් ලබාදීම හා ලබාගැනීම ඇතුළු චෝදනා 47ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව එම නඩුව පවරා තිබේ.

සිතාසියකට අනුව අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන් රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙක බැගින් හා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප මත මුදාහැරීමට නියෝග කෙරිණ.

අදහස් 1ක් ඇත

රටට ලැබෙන අදායම් තමන්ගේ අදිකරිත්වය තිබෙන පුද්ගලික සමාගම්වලට වලට හරවාගෙන . ගොටභය රාජපක්ෂලා වගේ මෙලේජ්ජයෝ හැමදාමත් කරන්නේ මේක තාම . සිංහලකම , අගම ඔවුන්ට හොද වෙළද භාණ්ඩයක් . මොවුන්ට දඩුවම් දීමට අදිකරණය ස්වාදීන විය යුතුයි . මොවුන් විසින් පත්කළ මොවුන්ගේ වහල් අදිකරණ නිලදාරීන් මුන්ගේ ඕනිම දහ පදුරා , නීති විරෝදී වැඩවලට නීතියෙන්ම නීතියෙන්ම අර්ථ කතන දීල නිදහස් කරනවා සිකුරුයි

නව අදහස දක්වන්න