ඩෙංගු ‍මර්දන ව්‍යාපෘතිය ඇරැඹේ | දිනමිණ

ඩෙංගු ‍මර්දන ව්‍යාපෘතිය ඇරැඹේ

 ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහනුවරදී ආරම්භ කෙරිණි. එයට සමගාමීව ශ්‍රවණ යන්ත්‍ර බෙදාදීමක් ද සිදුකෙරුණ අතර ඒ සඳහා මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරයේ නායක හිමිපාණන්ගේ දායකත්වය ද ලැබිණි. එදින බටේවෙල රණාල අමාදම් අසපුව වැඩවසන, කොරතොට සිරිමිත්ත හිමියෝ දහම් දෙසුම් ද පැවැත්වූහ. මේ අවස්ථාවට රොටරි සමාජයේ සභාපති අජිත් ජයසිංහ, හිටපු සභාපති ජෝන් බාස්කරන් මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ. 

නව අදහස දක්වන්න