A/L ප්‍රායෝගික පරීක්ෂණ 08 සිට | දිනමිණ

A/L ප්‍රායෝගික පරීක්ෂණ 08 සිට

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයයන් 11 ට අදාළ ප්‍රාඅයෝගික පරීක්ෂණ ලබන 08 වනදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 398කදී අපේක්ෂකයින් 56,439 දෙනෙකු මෙවර ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නියමිත බවයි.

ඒ අනුව ඉංජිනේරු තාක්ෂණවේදය විෂයය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ලබන 08 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා වූ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 20 වනදා සිට 22 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සෞන්දර්යය සහ ගෘහ ආර්ථික විද්‍යාව යන විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ලබන 20 වනදා සිට 31 දක්වා පැවැත්වීමට නියමිතය.

නව අදහස දක්වන්න