ඔබාමා ‘හැරී කුමරුගේ’ කනට ළං වී ඇසු සහ කියු කතාව | දිනමිණ

ඔබාමා ‘හැරී කුමරුගේ’ කනට ළං වී ඇසු සහ කියු කතාව

අමෙරිකාවේ හිටපු ජනාධීපති බරක් ඔබාමා හා හැරී කුමරු අතර හමුවක් කැනඩාවෙන් වාර්තා වේ. “ඉන්වික්ටස් ” ක්‍රීඩා උළෙල පසුගියදා කැනඩාවේ ටොරොන්ටෝ හිදී පැවැත්වුණි.

එය හැරී කුමරුගේ මූලිකත්වයෙන් පැවැති අතර ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් ඊට එක්ව සිටි බව වාර්තා වේ.

එම අවස්ථාවට සහභාගී වූ අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා, හැරී කුමරු අසලට ගොස් අසුන්ගෙන ඔහු සමග සුහද කතා බහක යෙදුණු බව කැනේඩියානු වාර්තාවල සදහන් ය.

හැරී කුමරුගේ පෙම්වතිය වන මෙගාන් මාකේල් සම්බන්ධයෙන් ද ඔබාමා මෙහිදී විමසා ඇති බව දැක්වේ.

එමෙන්ම මෙගාන් මාකේල් රඟන රූපවාහිනි මෙගා ටෙලිනාට්‍යයක් සම්බන්ධයෙන් ද අමෙරිකානු හිටපු ජනාධිපතිවරයා අදහස් පලකර තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ මෙගාන් මාකේල් අතීශයෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් බවය.

ඇගේ අනාගතය වෙනුවෙන් සුබ පැතුම් එක්කළ ඔබාමා සිනාමුසු මුහුණින් යුතුව හැරී කුමරුගෙන් අසා ඇත්තේ ඔබගේ මංගල්‍ය උත්සවයට ඔබාමා අංකල්ට එන්න කියනවා ද ? යන්නයි.

අංකල්ට තමයි මුලින් ආරාධනා කරන්නේ කියා මෙහිදී ඔබාමාට හැරී කුමරු පිළිතුරු දී තිබේ.

නව අදහස දක්වන්න