කළුතර මැද පාරට උමං මාර්ග සහිත මංතීරු 7ක් | දිනමිණ

කළුතර මැද පාරට උමං මාර්ග සහිත මංතීරු 7ක්

කළුතර මධ්‍යම සමූහ

කළුතර නගරය මැදින් දිවෙන මැද පාර පදිකයන් සඳහා උමං මාර්ග සහිතව මංතීරු හතකින් යුතුව සකස් කිරීමට සැලැසුම් කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු (සැලැසුම්) එච්. සිරිවර්ධන මහත්මිය කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ප්‍රකාශ කළාය.

මේ සඳහා සැලසුම් යෝජනා 3ක් ඉදිරිපත්වී ඇති බවත් ඉන් පළමුවැන්න සඳහා රුපියල් මිලියන 250ක් ද, දෙවැනි යෝජනාව සඳහා රුපියල් මිලියන 540ක් හා තෙවැනි යෝජනාව සඳහා රුපියල් මිලියන 560ක් ද වශයෙන් ඇස්තමේන්තු කර ඇතැයි කළුතර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය.

මේ අනුව කළුතර නගරයට වාහනවලින් පැමිණෙන ජනතාවට නගරයේ වාහන නවතා වෙළෙඳසල්වලට ගොස් භාණ්ඩ මිලට ගැනීමට මේ මගින් අවස්ථාව ලැබෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ මහජනතාවට ගමන් කිරීම සඳහා පදික වේදිකා මෙන්ම පාර හරහා මාරුවීමට උමං මාර්ග ද ඉදිකෙරේ.

මේ පිළිබඳව කළුතර වෙළෙඳ සංගමය හා මහජන නියෝජිතයන් සමඟ ද සාකච්ඡා කරන බවත් කළුතර දැකුම්කළු නගරයක් බවට පත්කිරීමට සෑම දෙනාගේම සහය ලබාගන්නා බවත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා මෙහිදී කීය. 

 

අදහස් 2ක් ඇත

අද වන විටද එක් පසකට මංතීරු 4 බැගින් මංතීරු 8ක පාරක් කළුතරට ඇත​.. ඉදිරි වසර 20ක් යන තුරුද රථවාහන තදබදයකින් තොරව යාහැකි එකම නගරය කළුතරය​. එසේනම් කළුතරට නව මාර්ගයක අව්ශ්‍යතාවය කුමක් ද​? තදබදය අවම වීමට හේතුව මැද පාර උස්ව, වෙන්ව පැවතීම හේතුවෙනි.. කලුතර නගරයේ නැවැත්වීමට අනවශ්‍ය වාහන මැදපාර ඔස්සේ නගරය මගහැර යයි.. එමෙන්ම නගරයේ නැවැත්වීමට අවශ්‍ය වාහන දෙපස මාරගය දිගේ ගොස් අවශ්‍ය තැන නවත්වා අවශ්‍යතාවය ඉටු කර ගනී.. දැන් පවතින මුස්ලිම් කඩ වර්ජනය හේතුවෙන් දෙපස ඇති මුස්ලිම් කඩ සඳහා අදායම බරපතල ලෙස අඩු වී ඇත​.. මා දන්නා එක් මුස්ලිම් ව්‍යාපාරිකයෙක් තමුන් ගේ කඩය විකුනා ඒ කඩයේම සේවකයෙකු ලෙස වැඩ කරයි.. ඔවුන් සිතනුයේ මැදපාර වෙන්ව පිහිටීම නිසා ඔවුන්ට ආදායම අහිමි වී ඇති බවයි. මුස්ලිමුන්ට පක්‍ෂග්‍රාහී මේ දේශපාලකයෝ හොඳින් ඇති මාර්ගය කඩා දමා නැවත මංතීරු 7ක මාර්ගයක් ඉදි කිරීමට සැරසෙන්නේ රටේ ආර්ථික තත්වය ඉතා හොඳින් ඇති නිසා , ඉතිරි වී ඇති මුදලක් විනාස කරන්නාක් මෙනි.. කිරීමට වැඩ බොහෝ තිබියදී මෙවන් විනාසයක් කරනුයේ මුන්ට අමු කැවී දැයි සැක සිතේ..

Galle road eke marga thadabadaya aduma pradeshayak kalutara kynne. Eeta wadiya hodayi panadurata mokak hari kalanm.

නව අදහස දක්වන්න