මේසන් වැඩට ආ තරුණයා ගෙදර බල්ලා උස්සලා | දිනමිණ

මේසන් වැඩට ආ තරුණයා ගෙදර බල්ලා උස්සලා

කොච්චිකඩේ විශේෂ - ඩී. මිහිඳුකුල

රු.50,000ක් පමණ වටිනා මාස තුනක් වයසැති සිට්ෂු වර්ගයේ සුරතලට ඇතිකරණ බලු පැටව් දෙදෙනෙක් සොරකම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අවුරුදු 19ක තරුණයකු මීගමුව පොලිසියේ අපරාධ අංශයේ උපපොලිස් පරීක්ෂක රජිත දිසානායක මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් බලුපැටව් දෙදෙනාද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අංක 490 නුගවෙලපාර මහහුණුපිටිය පදිංචි මෙරිකදගේ දනුෂ්ක ප්‍රදීප් (19) නමැති තරුණයෙකි.

බලු පැටව්ගේ අයිතිකරු එම නිවස සාදන විට පෙදරේරු වැඩ කළ මේසන් බාස්ගේ සහයකුයකු ලෙස මෙම සැකකරු එම නිවසේ වැඩ කර ඇත. බලු පැටව් දෙදෙනා කූඩුවේ සිටියදී රාත්‍රීකාලයේ පැමිණ කූඩුව විවෘත කර බලුබැටව් දෙදෙනා රැගෙන ගොස් ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ්‍ය වී තිබේ.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...