සාමසර කන්ද නායයාමේන් විපතට පත් පවුලකට නිවසක් | දිනමිණ

සාමසර කන්ද නායයාමේන් විපතට පත් පවුලකට නිවසක්

අරණායක සමූහ රෝහණ ජයරත්න සහ අරණායක ප්‍රදීප් කුමාර

පසුගිය වසරේ සාමසර කන්ද නාය යාමේ මහා විපතින් උන්හිටිතැන් අහිමිව ගිය පවුලකට අරණායක වසන්තගම සෙනෙහෙ සියපත ගම්මානයේ ඉදිකෙරුණු නව නිවහනක් භාරදිමේ චාම් උත්සවයක් ලෝක ජනාවාස දිනය යෙදිතිබුණු (2) දිනයේදි සිදුවිය.

ජතික ඉතිරිකිරිමේ බැංකුවේ විශ්‍රාමිකයන්ගේ සංගමයේ ප්‍රජාසත්කාරක වැඩසටහන් වශයෙන් රුපියල් මිලියන දෙකකට ආසන්න මුදලක් වැයකොට ශ්‍රි ලංකා නාවික හමුදාවේ ශ්‍රමදායකත්වය යටතේ ඉදිකෙරුණු මෙම නව නිවහනේ හිමිකමේ වාසනාව උදාවුයේ එළගිපිටිය සිරිපුර ගම්මානයේ පදිංචිව සිටි එච්.පි නන්දාවති මහත්මියටය.

සිය සැමියා ඇතුලු දරු මුණුබුරන් තිදෙනෙකු සහ ජිවත්ව සිය නිවහන නායට හසුවිම නිසා වසරකට වැඩි කාලයක් අවතැන් කදවුරු ගණනාවක ලැගුම් ගනිමින් සිටි නන්දාවති මහත්මියට නව නිවහනක් ඉදිකරදිම සදහා සම්බන්ධිකරණ කටයුතු සිදුකරණු ලැබුවේ ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ අරණායක ශාඛාවේ කළමණාකාර ලයනල් සෙනවිරත්න මහතාය.ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සමාන්‍යධිකාරි ජගත් ගමනායක,එම බැංකවේ විශ්‍රාමිකයන්ගේ සංගමයේ සභාති නිතිඥ පි.ජි.එසි සිල්ලා,ප්‍රධාන ලේකම් කේ.එච් ඥානදාස ,කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් දිනේෂා රත්නාය (ඉඩම්) අරණායක ප්‍රාදේශිය ලේකම් ඉසෙඩ්.ඒ.එම් ෆසිසාල්,සහකාර ලේකම් ඩි.එස්.පි ජයසිංහ යන මත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරි හා ජතික ඉතිරිකිමේ බැංකුවේ විශ්‍රාමික නිළධාරින්ගේ සංගමයේ නිලධාරිහු රැසක්ද මෙම අවස්ථාවට සහභාගිවුහ.

නව අදහස දක්වන්න