අගමැති ජර්මනියේ හා ෆින්ලන්තයේ සංචාරයක | දිනමිණ

අගමැති ජර්මනියේ හා ෆින්ලන්තයේ සංචාරයක

 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 05 වන දා ජර්මනියේ පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ය. ජර්මනියේ, බර්ලින් නුවර සංචාරයෙන් අනතුරුව ඒ මහතා 09 වන දා සිට ෆින්ලන්තයේ නිල සංචාරයක් සඳහා එක්වනු ඇත.

ෆින්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කරලීමත්, වෙළෙඳ, ආර්ථික, කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් තුළ නව සබඳතා ඇති කර ගැනීමත් අරමුණු කර ගනිමින් පැවැත්වෙන මේ සංචාරයේ දී වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ෆින්ලන්තයේ, හෙල්සින්කි නගරයේ දී ෆින්ලන්ත අගමැති යුහා සිපිලර් මහතා ඇතුලූ ඉහළ පෙළේ නායකයින් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, අගමැති ලේකම් සමන් ඒකනායක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අතිරේක ලේකම් යුරේෂා ප්‍රනාන්දු, අගමැති අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද ෆින්ලන්ත සංචාරයට එක්වෙති. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...