ශිෂ්‍යත්වයේ විශිෂ්ඨයන් හා කඩයිම් ලකුණු නිකුත් වෙයි | දිනමිණ

ශිෂ්‍යත්වයේ විශිෂ්ඨයන් හා කඩයිම් ලකුණු නිකුත් වෙයි

2017 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැක.
 
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ එඩ්ලිව් කේ දිනුක ක්‍රිෂාන් කුමාර් ලකුණු 198ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
 
ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ  එම් ඒ එම් ඉඳුමිණි ජයරත්න සහ කෑගල්ල තුල්හිරිය කනිෂ්ඨ විදයාලයේ ටී එම් සංජන නයනජිත් තෙන්නකෝන් ලකුණු 197ක් ලබා ගෙන දෙවැනි ස්ථානයට පත්ව සිටිති.
 
තුන්වැනි ස්ථානය ලබා ගෙන ඇත්තේ කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයයේ ඩී ඒ තරුල් සහස් ධර්මරත්න සිසුවාය. ඔහු ලකුණු 196ක් ලබාගෙන තිබේ.
 
ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 195ක් ගනිමින් සිසුහු 12 දෙනෙක් හතර වැනි ස්ථානයට පත්ව සිටිති. පළමු, දෙවැනි, දෙවැනි සහ සිව්වැනි ස්ථාන ලබා ගත් සිසුන් 16 දෙනා අතුරින් සිසුහු හත් දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරති.
 
දිස්ත‍්‍රික්ක කඩයිම් ලකුණු මේ වන විට විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.
 
ඒ අනුව සිංහල මාධ්‍ය සදහා දිස්ත‍්‍රික්කවල අවම ලකුණු සීමා මෙසේය.
 
කොළඹ දිස්ත‍්‍රික්කය          - ලකුණු 164
ගම්පහ දිස්ත‍්‍රික්කය            - ලකුණු 164
කලුතර දිස්ත‍්‍රික්කය            - ලකුණු 164
මහනුවර දිස්ත‍්‍රික්කය          - ලකුණු 164
මාතලේ දිස්ත‍්‍රික්කය          - ලකුණු 164
නුවරඑළිය දිස්ත‍්‍රික්කය       - ලකුණු 158
ගාල්ල දිස්ත‍්‍රික්කය             - ලකුණු 164
මාතර දිස්ත‍්‍රික්කය               - ලකුණු 164
හම්බන්තොට දිස්ත‍්‍රික්කය  - ලකුණු 162
යාපනය දිස්ත‍්‍රික්කය           - 
කිළිනොච්චි දිස්ත‍්‍රික්කය    -
මන්නාරම දිස්ත‍්‍රික්කය       - ලකුණු 158
වවිනියාව දිස්ත‍්‍රික්කය        - ලකුණු 161
මුලතිව් දිස්ත‍්‍රික්කය            - ලකුණු 160
මඩකලපුව දිස්ත‍්‍රික්කය      - 
අම්පාර දිස්ත‍්‍රික්කය           - ලකුණු 159
ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය  - ලකුණු 158
කුරුණෑගල දිස්ත‍්‍රික්කය     - ලකුණු 164
පුත්තලම දිස්ත‍්‍රික්කය         - ලකුණු 160
අනුරාධපුරය දිස්ත‍්‍රික්කය    - ලකුණු 160
පොළොන්නරුව දිස්ත‍්‍රික්කය         - ලකුණු 160
බදුල්ල දිස්ත‍්‍රික්කය             - ලකුණු 160
මොනරාගල දිස්ත‍්‍රික්කය - ලකුණු 158
රත්නපුර දිස්ත‍්‍රික්කය  -ලකුණු 162
කෑගල්ල දිස්ත‍්‍රික්කය  - ලකුණු 164

අදහස් 4ක් ඇත

විභාගය සාධනීය වෙනසක් කලයුතුයි,කලාප මට්ටමේ දක්ෂ දරුවන් පමණක් සමස්ත ලංකා විභාගයට ඉදිරිපත් කිරීම සුදුසුය.

විභාගය සාධනීය වෙනසක් කලයුතුයි,කලාප මට්ටමේ දක්ෂ දරුවන් පමණක් සමස්ත ලංකා විභාගයට ඉදිරිපත් කිරීම සුදුසුය.

75+75 = 150 not passed. so this is not good behavior. gov forcing for competition....

නව අදහස දක්වන්න