ගමේ පාරවල් හදන්න ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් ‍‍ඩොලර් මිලි­යන 900 ක් | දිනමිණ

ගමේ පාරවල් හදන්න ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් ‍‍ඩොලර් මිලි­යන 900 ක්

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ග්‍රමීය ජනගහනය රැකියා සහ සේවා සඳහා සම්බන්ධ කිරීම සඳහා මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමට ඩොලර් මිලියන 900 ක් ලබාදීමට අනුමත කර ඇත.

මෙම ආධාර ලබාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ,

ග්‍රමීය ප්‍රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමයි. එය රැකියා මිලියනයක් ජනනය කිරීම, ආදායම් මට්ටම් දියුණු කිරීම සහ ග්‍රමීය ආර්ථිකය වර්ධනය කිරීම" යනුවෙන් ADB ජෙෂ්ඨ ප්‍රවාහන විශේෂඥ කන්සො නාකයි මහතා පැවසාඇත. මිලියන 10 ක ජනයා ජීවත් වන ප්‍රදේශ වැඩිදියුණු කළ ග්‍රාමීය ප්‍රවේශ මාර්ග. ග්‍රාමීය සංවර්ධන මධ්‍යස්ථාන සමඟ සම්පූර්ණයෙන් සම්බන්ධ කිරීම සඳහා රජයේ උපාය මාර්ගය සමඟ ආසියානු සංවර්ධන බැංකුවේ දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනට ක්‍රියාත්මකවේ.

2003 සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය වසරකට 6% ක වාර්ෂික වර්ධනය වී ඇති අතර, 2002 දී 22.7% සිට දරිද්‍රතාවය කප්පාදු කිරීමට 2012-2013 කාලය තුළ 6.7% ක ප්‍රතිශතයක් පෙන්වන ලදී. ජනගහනයෙන් 82% ක් ජීවත් වන ග්‍රමිය ප්‍රදේශවල මෙම ප්‍රගතියක් විශාල වශයෙන් සිදු වී තිබේ. නමුත් ශ්‍රී ලංකාව තවමත් අභියෝග ගණනාවකට මුහුණ දී සිටී. සමහර පළාත්වල සහ දිස්ත්‍රීකවල දරිද්‍රතාවයෙන් 20% ක් තරම් ඉහළ අගයක් පවතී. සාපේක්ෂ වශයෙන් යහපත් දේශගුණික සාධක ඇති පළාත්වල පවා, ජනගහනයේ විශාල කොටස් දරිද්‍රතා රේඛාවට සමීපව ජීවත් වන අතර එය අතිශයින්ම අන්තරාදායී වන බව ආසියානු සංවර්ධන බැංකුවේ මතයයි.

පසුගිය වසර 12 ක කාලය තුළ මහා මාර්ග ජාලය හා පළාත් සහ ග්‍රමිය මාර්ග වැඩිදියුණු කිරීම පිළිබඳ කටයුතු සාපේක්ෂව මන්දගාමී බවට තොරතුරු අනාවරණය වී තිබේ. බොහෝ ග්‍රාමීය මාර්ගවල කාලගුණික විපර්යාසයන් හමුයේ ඒවාට ඔරොත්තු නොදෙන තත්වයක් උද්ගතවී අබලන් තත්වයට පත්වී ඇත.

මේ අනුව මධ්‍යම, උතුරුමැද, වයඹ, සබරගමුව සහ දකුණු පළාත්වල මෙන්ම බස්නාහිර පළාතේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 800 ක බහු-වාර ණය පහසුකමක් 2014 දී අනුමත කරත තිබ්ණි.මෙවර අනුමත කරන ලද නව වැඩසටහන, දිවයිනේ ප්‍රමුඛ සංවර්ධන මධ්‍යස්ථාන ආවරණය කරමින් බස්නාහිර පළාත, නැඟෙනහිර පළාත, නැගෙනහිර,හා ඌව සහ බස්නාහිර පළාත් ඉලක්ක කරගනිමින්, ලබා දීමට කටයුතු යොදා ඇත. 26 වසරක සිවිල් ගැටුමෙන් පීඩාවට පත්වූ ප්‍රදේශවල අබලන්වූ මාර්ග බොහෝ ඇතැයි අනාවරණය වේ . සංවර්ධනය සඳහා අවශ්‍ය යට්තල පහසුකම් දියුණු කිරීම, මාර්ග ආරක්ෂාව, නඩත්තුව, සැලසුම් සහ ඉදිකිරීම් සඳහා රටේ මාර්ග පද්ධතිවල ධාරිතාව වැඩිදියුණු කිරීම මෙම වැඩ සටහන මඟින් අපේක්ෂා කෙරේ.

2027 දී නිම කිරීමට නියමිත මෙම වැඩසටහන 2021 වසරේ දී ණය මුදලින් රුපියල් 20 ක් දක්වා සහ ඩොලර් මිලියන 60 ක සහනදායී ණයක් යටතේ ලබාදීමට සැලසුම් කර ඇත. ඩොලර් බිලියන 1.08 ක් වන මුළු ව්‍යාපෘති පිරිවැයෙන් ඩොලර් මිලියන 184.6 ක් රජය සැපයීමට නියම්තය.

 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න