ZUZI හැටන් එයි | දිනමිණ

ZUZI හැටන් එයි

තමන් සිතූ පැතූ ආකාරයෙන් කැපී පෙනෙන අයුරින් නව මෝස්තරවලින් සැරසීමට අද යෞවන යෞවනියන් ලොල් බවක් දක්වයි. නමුත් තමන්ට අවශ්‍ය දේ එක් වෙළඳ හලකින් ලබාගැනීම ඉතා අසීරු කරුණකි. එබැවින් තමන්ට වශ්‍ය ඇඳුම් පැළඳුම් මිළදී ගැනීම සඳහා තරුණ පරපුරට කඩ සාප්පු කිහිපයකට ගොඩවීමට සිදුවෙයි. රිසි පරිදි තමන්ගේ ඇඳුම් මිළදී ගැනීමට සමහර විට දවසක් දෙකක් ගත කරන්නටද සිදු වන අවස්ථා බොහෝ ය.

මෙම ප්‍රශ්නයට අද විසඳුමක් ලැබී ඇත. රථවාහන තදබදය මාර්ග අවහිරතාවලින් තොරවූ නිදහස්ව ගමන් කළ හැකි රිසි පරිදි වාහන ගාල් කිරීමට ඉඩ පහසුකම් ඇති හැටන් නගරයේ පිහිටි සුසී එයට කදිම විසඳුමකි.

මහල් පහකින් සමන්විත සුසි හැටන් වාස් සෑම සියලුදෙනාට අවශ්‍ය ඇඳුම් පැළඳුම් තොග පිටින් ඔවුන්ම ඍජුව ආනයනය කොට සුළු වට්ටමක් තබා ගනිමින් වැඩි වාසිය පාරිභෝගිකයාට ලබාදෙන හෙයින් ඔබට අවශ්‍ය ඇඳුම් තම අතැති මුදලට සරිලන පරිදි මිළදී ගැනීමට පහසුකම සලසති.

ඉන්දියාව, බැංකොක්, ඉන්දුනීසියාව, චීනය යන රටවලින් වෙළඳපොළට යම් මෝස්තරයක් පැමිණි විගස දින කිහිපයකින් ශ්‍රී ලංකාවට ඍජුව ආනයනය කොට සුසි ඔබට ලබාදීමට සැදී පැහැදී සිටී.

කාන්තාවන්ට සහ විශේෂයෙන් තරුණියන්ට සිතැඟි පරිදි තමන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සුසී හැටන් වෙතින් ඉතා ප හසු මිළට ඔබට ලබාගත හැක. සති දෙකින් දෙකට නව ඇණවුම් ලැබෙමින් පවතින බැවිනුත් පහසු මිළ හේතුවෙන් ඉක්මනින් අලෙවිවන බැවිනුත් කොයි මොහොතේ සුසි හැටන් වෙත ඔබ ගියත් නව මෝස්තරයකින් යුත් ඇඳුම් පැළඳුම් ඔබට මිළඳී ගැනීමේ හැකියාව පහසුවක් වනු ඇත.

කුඩා දරුවන් සඳහා නිමි ඇඳුම් බිම් මහලේ සහ පළමු මහලේ ප්‍රදර්ශනය කොට ඇති අතර කාන්තාවන් සඳහා ඇඳුම් පැළඳුම් පළමුවන සහ දෙවන මහල්වලින් මිළදී ගත හැක. පිරිමි ඇඳුම් තුන්වන මහලෙන් ප්‍රදර්ශනය කොට ඇත.

කාන්තාවන් සඳහා විවිධ අවස්ථාවන්ට අවශ්‍ය මංගල සාරි, කාංචිපුරම්, සමුද්‍රිකා, වස්ත්‍රකලා සාරි විවිධ වර්ණ හා මෝස්තරවලින් සුසි කොටහේන වෙතින් ඔබට ලබාග හැක. සල්වාර්, කුර්තා වැනි නිමි ඇඳුම්ද, රෙදිපිළිද ඉතා සාධාරණ මිළකට ඔබට කැමති මෝස්තරවලින් ලබා ගැනීමේ හැකියාව ඇත. අද තරුණ තරුණියන් අතර ජනප්‍රිය සුවඳ විලවුන්, තරුණියන් සඳහා රූපලාවන්‍ය ද්‍රවයන් වෙනත් කිසිම තැනකින් ලබාගත නොහැකි මිළකට මෙහිදී ඔබට ලබාගත හැක. කුඩා දරුවන්ගේ පාසල් බෑග්, වතුර බෝතල් වැනි භාණ්ඩද සුසි හැටන් වෙතින් ලබාගැනීමට ඔබට හැකිය.

තරුණයින් සඳහා ඉන්දියාවෙන්, තායිලන්තයෙන්, චීනයෙන් හා ඉන්දුනීසියාවෙන් ආනයනය කරන ලද ක මිස හා කලිසම් අදහාගත නොහැකි අඩු මිලකට ඔබට මෙහි මිලදී ගත හැක. පාවහන් විවිධ මෝස්තරවලින් ලබා ගැනීමට ඔබට මෙහි අවස්ථාව සැලසෙනු ඇත.

සුසි හැටන් 2017 ඔක්තෝබර් 01 වෙනි දින හැටන් නගරයට පැමිණෙන වගයි. ඔබේ සිතැඟි පරිදි ඔබේ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට සුසි සමඟ එකතු වන්න. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...