Huawei Super Charge තාක්ෂ­ණය TÜV Rheinland ඇග­යී­මට | දිනමිණ

Huawei Super Charge තාක්ෂ­ණය TÜV Rheinland ඇග­යී­මට

Huawei හි Super Charge තාක්ෂණය සඳහා TÜV Rheinland සහතිකය හිමි වූ බව Huawei ව්‍යපාර සමූහය නිවේදනය කරයි. Huawei හි TÜV Rheinland තාක්ෂණය පිළිබඳ සුවිශේෂී වූ පරීක්ෂණ රැසකින් පසු ලොව ප්‍රමුඛතම ආරක්ෂක උපාංග ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛයන් වන TÜV Rheinland විසින් මේ සහතිකය පිරිනමා තිබේ. Adapters, IC circuits සහ charging cable යනාදී බැටරි ආරෝපණ ක්‍රියාවලියට සම්බන්ධ සියලූ අංග මෙහි දී පරීක්ෂාවට ලක් කර තිබේ. low temperature සහ thermal shock ආදී පරීක්ෂා රැසකින් පසු TÜV Rheinland සඳහන් කර ඇත්තේ එම සියලූ අංග නිසි ප්‍රමිතියට පවත්වාගෙන යමින් Huawei විසින් වේගවත් ආරෝපණයක් පමණක් නොව වඩාත් ආරක්ෂාකාරී ආරෝපණයක් සිය පාරිභෝගිකයා වෙත සපයන බවයි.

ලොව පුරා පාරිභෝගික භාණ්ඩවල ආරක්ෂාකාරීත්වය පිළිබඳ වසර 145 කට අධික කාලයක් කටයුතු කරමින් සිටින බව TÜV Rheinland හි විදුලි නිෂ්පාදන ක්ෂේත්‍රයේ උප සභාපති කල්යාන් වර්මා ප්‍රකාශ කළේය. වත්මන් යුගයේ අවශ්‍යතාවක් වන ස්මාර්ට්ෆෝනයේ බැටරි ආරෝපණය වේගවත්ව සිදු කිරීම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී Huawei සමාගම එම කාර්යය අකුරටම ඉටු කරන බව තහවුරු වූයේ යැයි ද එ මහතා පෙන්වා දුන්නේය. තම ආයාතනය පාරිභෝගික ආරක්ෂාව ප්‍රධාන කොටම සලකන බව ද හෙතෙම සඳහන් කළේය.

 

නව අදහස දක්වන්න