කලාකරුවන් සුරැකීමට අරමුදලක් | දිනමිණ

කලාකරුවන් සුරැකීමට අරමුදලක්

අසේල කුරුළුවංශ හා ඉන්ද්‍රාණි තෝරදෙණිය

මධ්‍යම පළාත තුළ සුවිශේෂි දක්ෂතා ඇති කලා නිර්මාණ කරුවන් විශාල පිරිසක් සිටින බවත් ඔවුන්ගේ අභිවෘද්ධිය උදෙසා විශේෂ අරමුදලක් කඩිනමින් පිහිටුවන බවත් මධ්‍යම පළාත් ක්‍රීඩා,වනිතා හා යෞවන කටයුතු,ග්‍රාමීය සංවර්ධන හා කර්මාන්ත ඇමැති තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

තම දෑතේ සවියෙන් නිර්මාණ කරනයේ යෙදෙන බොහෝ කලා නිර්මාණ කරුවන් ජීවිතයේ සැඳෑ සමයේදී විවිධ ගැටලු වලට මුහුණ දෙන බවත් ඔවුන් ඉන් මුදවාලීම පිණිස මෙම අරමුදල ප්‍රයෝජනවත් වනු ඇති බවත් ඒ මහතා කීය.

මධ්‍යම පළාත් පාරම්පරික කලා ශිල්පීන්ගේ නිර්මාණ හැකියාවන් රටට හඳුන්වා දෙන ශිල්ප අභිමානී 2017 ප්‍රදර්ශනය මහනුවර රැජිණ හෝටලයේදී විවෘත කරමින් ඇමැතිවරයා මේ බව කීවේය.මධ්‍යම පළාතේ නිර්මාණ කරුවන් 600 කගේ නිර්මාණ 1200 ක් පමණ ප්‍රදර්ශනයට එක්කර තිබිණි.

කලාකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුනාවා දීම සම්බන්ධවද කලක පටන් අවධානය යොමුව තිබෙන බවත් එය ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක විය යුතු වැඩසටහනක් බැවින් එය ක්‍රියාවට නැන්වීම සඳහා තරමක කාලයක් ගතවනු ඇති බවත් කී ඒ මහතා අරමුදලක් පිහිටුවීම තුළින් කලාකරුවාට යම් අත්වැලක් සපයීමට හැකිවනු ඇති බවද අවධාරණය කළේය.

 


නව අදහස දක්වන්න

Or log in with...