දිමුත් රෝස පන්දුවෙන් වාර්තා පොත් අතරට | දිනමිණ

දිමුත් රෝස පන්දුවෙන් වාර්තා පොත් අතරට

දිවා රාත්‍රි ටෙස්ට් තරගයකදී ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස දිමුත් කරුණාරත්න අද ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් විය.

ඒ නොදැවි ලකුණු 120 වාර්තා කරමින්.

මෙලෙස ඔහු ලබා ගත්තේ සිය ටෙස්ට් දිවියේ 07 වැනි ශතකය වන අතර එය පාකිස්ථානයට එරෙහි දෙවැනි ශතකය ද වෙයි.

මෙහිදී  රෝස  පැහැති පන්දුවෙන් දිමුත් මෙම ශතකය ලබා ගැනීමට වාසනාවන්ත වීම ද විශේෂත්වයක්

ඒ අනුව මේ වන විට ලකුණු 22ක් ලබා දිමුත් සමග අනෙක් කඩුල්ලෙන් පන්දුවට පහරදෙමින් සිටින්නේ නායක දිනේෂ් චන්දිමාල්. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...