Interbrand’s ශ්‍රේණිගත කිරීම්වල Huawei 70 වන ස්ථානයට | දිනමිණ

Interbrand’s ශ්‍රේණිගත කිරීම්වල Huawei 70 වන ස්ථානයට

හොඳම ජාත්‍යන්තර සන්නාම පිළිබදව වන Interbrand’s 2017 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යමින් 70 වන ස්ථානය පත්වීමට Huawei සමත් වෙයි. 2017 වසර සදහා වන Interbrand’s හි නවතම ශ්‍රේණිගත කිරීම් පසුගියදා එළිදැක්වුණු අතර ඊට අනුව Huawei හි සන්නාම වටිනාකම පසුගිය වසරට සාපේක්ෂව 14% කින් ඉහළ ගොස් තිබේ. එමෙන්ම Huawei හි වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6676 ක් දක්වා වර්ධනය වී තිබේ. එමෙන්ම ලොව හොඳම සන්නාම 100 අතර සිටින Huawei ගතවූ වසරේ වර්ධනය ඉලක්කම් දෙකක ප්‍රතිශතයකින් ඉහළ නැංවූ සමාගම් 16 අතරට ද එක්ව සිටියි.

Huawei හි මෙම සාර්ථකත්වය පසුපස ඇත්තේ පාරිභෝගික අපේක්ෂාවන් වෙනුවෙන් Huawei කළ කැප කිරීම වන අතර සමාගමක් වශයෙන් පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් කටයුතු කිරීම මෙහිදී වැදගත් ක්‍රියාවකි.

ගතවූ දශක තුන තුළ නවීන තාක්ෂණය සිය පාරිභෝගිකයන් වෙත සමීප කරවීමට මෙන්ම උසස් මට්ටමේ නිෂ්පාදන පෙළක් පාරිභෝගිකයා වෙත හඳුන්වා දීමට කටයුතු කළ බවත් ඒ ඔස්සේ කෙටි කාලයක් තුළ මෙම සාර්ථකත්වය අත්පත් කර ගැනීමට සමත් වූ බවත් Huawei හි සමූහ අලෙවි සභාපති කෙවින් සැන්ග් පෙන්වා දෙයි

නව අදහස දක්වන්න