හමීඩියා ප්‍රවර්ධන වැඩසටහනින් මහත්වරුන්ගේ විලාසිතා ගැන දැනුවත් කිරීම් | දිනමිණ

හමීඩියා ප්‍රවර්ධන වැඩසටහනින් මහත්වරුන්ගේ විලාසිතා ගැන දැනුවත් කිරීම්

උසස් තත්ත්වය සහ විලාසිතා පිළිබඳ සුවිශේෂී නාමය වන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් විලාසිතා විශේෂඥ හමීඩියා විසින් සිය විශ්වසනීය පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් පසුගිය අගොස්තු මාසය ආරම්භයේදී දියත් කරන ලද “ ඔබට ගැළපෙන්නේ කුමක්ද?“ ප්‍රවර්ධන වැඩසටහන අඛණ්ඩව දියත් කිරීමට කටයුතු කරයි.

ප්‍රවර්ධන කටයුතු සිදු කළ පළමු සතිඅන්ත 5 තුළ විලාසිතා පිළිබඳ උනන්දුවක් දක්වන ඒ සඳහා කැමැත්තක් ඇති මහත්වරුන් World Trade Centre, Majestic City, Kandy City Centre (KCC) සහ K-Zone Ja-Ela හිදී Hameedia විලාසිතා උපදේශකවරුන් හමුවූයේ ඔවුන්ට ඇති ගැටලු සාකච්ඡා කිරීම, සැක සහිත දේ කතාබහ කර නිරාකරණය කර ගැනීම වෙනුවෙන් විශේෂඥ උපදෙස් ලබාගැනීමට සහ මීළඟ ඇඳුම් ආයිත්තම් කට්ටලය වෙනස්ම, ගැලපෙනම අයුරින් සකසා ගැනීමේ අදිටන ඇතිවය.

“ඔබට ගැළ පෙන්නේ කුමන්ද?” ප්‍රවර්ධන වැඩසටහන දියත් කරනු ලැබුවේ මහත්වරුන්ට සිය ඇඳුම් පැලඳුම් තමාට ගැළපෙන ලෙස තෝරාගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුම ලබාදීම අරමුණු කරගෙනය. එසේම, පාරිභෝගිකයින්ගේ පෞරුෂයට සහ බාහිර පෙනුමට ගැළපෙන පරිදි ඇඳුම් නිර්මාණය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලබන අතර ඒ

ඔස්සේ විලාසිතාවන් පිළිබඳ අවධානයෙන් සිටින මහත්වරුන් සඳහා මෙම සැප්තැම්බරයේදී කැපී පෙනෙන අයුරින්, ඔවුන්ගේ සිතැඟි පරිදි ගැළපෙන ඇඳුමින් පැළඳුමින් වර්ණවත් වීමට ඉඩකඩ ලබාදෙයි.

නව අදහස දක්වන්න