ද. ආසියාවේ වේගවත්ම ක්‍රීඩක හිමාෂ යුපුන් අබේකෝන්ට පරදී | දිනමිණ

ද. ආසියාවේ වේගවත්ම ක්‍රීඩක හිමාෂ යුපුන් අබේකෝන්ට පරදී

ප්‍රින්ස් ගුණසේකර

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 ජාතික ශූර හා දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයාවූ හිමාෂ ඒෂාන් පරාජයට පත්කරමින් යුපුන් අබේකෝන් ජයග්‍රහණය අත්කර ගත්තේය. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය නියෝජනය කරන යුපුන් තත්පර 10.47කින් තරගය නිමකළ අතර හිමාෂ ඒෂාන් තත්පර 10. 64කින් දෙවැනි තැනට පත් විය. මෙහි තෙවැනි ස්ථානය තත්පර 10. 65කින් මොහොමඩ් අෂ්රාෆු දිනා ගත්තේය.

හිමාෂ ඒෂාන් ජැමෙයිකාවේ පුහුණුව ලැබූ අතර එහිදී තත්පර 10.29ක දක්ෂතාවක් පෙන්වූ ක්‍රීඩකයෙකි. එහෙත් ජැමෙයිකාවේ පුහුණුවෙන් අනතුරුව ඔහුට වැඩි දස්කම් අතරට පැමිණීමට නොහැකි විය.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් සටහන් විය. තුම්පිම්ම ජාතික ශූර සංජය ජයසිංහ මීටර් 16. 39කින් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකළ අතර මීටර් 1500 සහය දිවීමේ ඉසව්වේදී ගැමුණු හේවා බළ ඇණි ක්‍රීඩකයෝ විනාඩි 15: 51. 13කින් ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කළහ.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සමස්ත ශූරතාව ලකුණු 302 කින් දිනාගත් අතර, කාලතුවක්කු ඒකකය ලකුණු 238ක් ලබා දෙවැනි ස්ථානයට හා ගැමුණු හේවා බළකාය ලකුණු 150 ක් ලබා තෙවැනි ස්ථානයට පත් වූහ.

කාන්තා ශූරතාව 6වැනි කාන්තා බළ ඇණිය ලකුණු 333කින් දිනාගත් අතර දෙවන හා තෙවැනි ස්ථාන පිළිවෙළින් ලකුණු 179ක් ලැබූ 2වැනි බළකාය හා ලකුණු 125 ක් ලබාගත් 4වැනි බළකාය අත්කර ගත්හ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...