රාජ්‍ය වැවිලි සමාගම් ප්‍රගතියක් අත්කරගෙන | දිනමිණ

රාජ්‍ය වැවිලි සමාගම් ප්‍රගතියක් අත්කරගෙන

ජයසිරි මුණසිංහ

පසුගිය පාලන සමයේ ගෙවීම් පැහැර හැර තිබූ රුපියල් කෝටි 1500කට අධික වතු කම්කරුවන්ගේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික මුදල් ගෙවා දමමින් රාජ්‍ය වැවිලි සමාගම් මේවනවිට ප්‍රගතියක් අත්කර ගෙන ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂිම් මහතා ප්‍රකාශ කරයි.

පසුගිය පාලන කාලයේ සිට දිගු කලක් ‘ජනතා වතු සංවර්ධන මණ්ඩලය, විසින් ගෙවීම් පැහැර හැර තිබූ රුපියල් කෝටි 1500 ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සමාගම නොගෙවා තිබූ රුපියල් කෝටි 93ක මුදල හා ඇල්කඩුව වැවිලි සමාගමට ගෙවීමට තිබූ රුපියල් කෝටි 33ක හිඟ සේවක අර්ථසාධක අරමුදල්වලින් විශාල ප්‍රමාණයක් මේවනවිට ගෙවීමට වතු පාලනාධිකාරිය සමත් වී ඇත.රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට අයත් ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සමාගම සහ ඇල්කඩුව වැවිලි සමාගමට මහා භාණ්ඩාගාරයට බරක් නොවී ලාභ ලබමින් පෙරට ඒමට තමන් උපදෙස් ලබාදෙන බවද ඇමැති කාබීර් හෂිම් මහතා කීය.මෙම සමාගම්වලට අයත් වතු ආශ්‍රිතව ජීවත්වෙන පවුල් 26555ක ජනතාවට මහත් අස්වැසිල්ලක් වෙමින් සේවක අර්ථසාධක අරමුදල් හිඟ මුදල් ගෙවීම විශාල සේවාවක් වන බවද ඇමැතිවරයා ප්‍රකාශ කෙළේය.මේ අන්දමට වතු සමාගම්වලට ආර්ථික අතින් ශක්තිමත් වීමට විෂයභාර ඇමැතිවරයා ලෙස කබීර්හෂිම් මහතා ලබා දුන් සහාය ඉකුත්දා, වතුකරයේ දේශපාලන නායකයෝ, වෘත්තිය සමිති නායකයෝ අගය කළහ.ඒ කොළඹ පිහිටි අමාත්‍යාංශයේදී ඇමැතිවරයා සමඟ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වීමෙන් පසුය.

නව අදහස දක්වන්න