විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් | දිනමිණ

විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්

අධිකරණ නියෝගය නොතකා හම්බන්තොට ඉන්දියා කොන්සල් කාර්යාලය ට ඇතුළු වීමට උත්සාහ ගත් විරෝධතාකරුවන්ට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළබව හම්බන්තොට පොලිසිය කියයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 26 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දිය රජයේ සමාගමකට විකිණිමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවිමෙන් හම්බන්තොට වෙරළ උද්‍යානයේ දී විරෝධතා ව්‍යාපාරයක් (06) පැවැත්විණි.

මෙම විරෝධතාවය පැවැත්වෙන බව කලින් දැනගත් පොලිසිය හම්බන්තොට මහේස්ත්‍රාවරයා හමුවට කරුණු දැක්විමෙන් පසු මහජනතාවට පීඩා කාරී ලෙස විරෝධතාවය පැවැත්වීමට එරෙහිව වාරණ නියෝගයක් හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් නියම කර තිබිණි.

වෙරළ උද්‍යානය අසලින් ආරම්භ වූ විරෝධතාවය හම්බන්තොට බස් නැවැතුම්බල දෙසට ගමන් කරන විට අධිකරණ නියෝගය පොලිස් නිළධාරියෙන් ශබ්ද විකාශන යන්ත්ර යක් මගින් කියවීම සිදු කලඅතර හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ සහකාර පොලිස් අධිකාරි වරු අධිකර නියෝගය අතතිවය විරේාධතා කරුවන් අසල පැමිණියක් එය භාරදිමට උත්සාහයක නිරක වවත් ජනතාවගේ තෙරපීම මත එම නියෝගය පාර්ලිමේන්තු මන්ත්රිය නාමල් රාජපක්ෂ මහතා අතට ලබා දීමට හැකි වූයේ නැත.

නාමල් රාජපක්ෂ මහතා මිනිස් දම්වැලකින් වටකරගෙන විරෝධතාකරුවන් හම්බන්තොට බස් නැවතුම්පලින් පැරණි කතරගම මාර්ගය ඔස්සේ හම්බන්තොට මහ පල්ලිය දෙසින් ඉඳිවින්න පිහිටි ඉන්දියානු කොන්සල් කාර්යාලය අසලට ලඟා විය.

ඒ අවස්ථාව වනවිට කොන්සල් කාරයාලය අසල පොලිසිය දැඩි ආරක්ස්ාවක් යොදවා තිබිනි.

‍එම ස්ථානයේ දි පඹයින් පුළුස්සා දමා විරෝධතා නියැලුනහ. පොලිස් නිළධාරීන් සමඟ සාකච්ජා කිරිමෙන් පසු බද්දේගම සමිත හිමියන් සහ ඕමාරේ කස්සප හිමියන ඇතුළු නියෝජිතයින් ඉන්දියානු කොන්සල් කාර්යාලයට යෑමට අවසර ලබා දීමෙන් පසු කොන්සල් රයාට ලිපිය බාර දී එළියට පැමිණ ජනතාව අමතමින් බද්දේගම සමිත හිමියන් කියා සිටියේ අද දිනයේ ම ඉන්දියානු රජයට මෙම ලියවිල්ල යනව බවට පැවැසූ බවයි. රජය දිගින් දිගටම රජයේ දේපල විකිනීමට එරෙහිව පාරට බැසිම තවදුරටත් සිදු කරන බව ත්, ඉක්මනින් ජන්දයක් තියන ලෙසද රජයට බල කරමින් මෙහි දී ප්රදකාශ කලහ.

මෙහි දී පාර්ලිමේන්තු මන්ත්රී් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ද ධීවර වරායන් ඇතුළු රජයේ දේපල සියල්ල විකුණා දමන මේ ආණ්ඩුව පලවා හැරීමේ දිනය අත ලඟම ඇති බවයි.

මෙම අවස්ථාවේ දි එම ස්ථානයෙන් හිමිවරු පිටව ගිය පසු විරෝධතාවයේ නියැලී සිටි පිරිස්වලින් කණ්ඩාමක් කොන්සල් කාර්යාලයට පැමීණිම අවහිරකරමින් තිබූ පොලිස් බැරියල් පෙරළීමට උත්සායක නිරත විය. ඒ අවස්ථාවේ දී පොලිසිය මුලින්ම විරෝධතාරුවන්ට ජල ප්රාහාරයක් එල්ල කර අතර විරෝධතා කරුවන්ද පොලිසිය දෙස ගල් මුල් ප්රටහාරයක් එල්ල කලේය . පසුව පොලිසිය දිගින් දිගටම කඳුළු ගෑස් එල්ලකරමින් ජනතාව පලවා හැරීමට කටයුතු කලේය. විරේාධතාකරුවන් සී සී කඩ දිව යන්නට විය. කොන්සල් කාර්යාලය අසල පිහිටි රජයේ කාර්යාල සහ නිවාස අසලට පිරිස් ගිය පසු කඳුළු ගෑස් දිගින් දිගම එල්ල වීම නිසා විරෝධතා කරුවන් දැඩි අපහසු තාවයට පත්විය. මෙහි දී පොලිසිය සැකපිට පුද්ගලයින් 26 දෙනෙක් අත් අඩංගුවට ගත් අතර එම සැකකරුවන් වීරවිල පොලිස් ස්ථානය වෙත රැගෙන යෑම‍ට පොලිසිය පියවර ගැණිනි.

ගල් මුල් ප්‍රහාරයට ලක් වූ පොලිස් නිළධාරීන් තිදෙනෙක්ද තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි.

තංගල්ල පොලිසියේ සැරයන් වරයෙක් වන 24551 දිනේෂ් යන අයද ඒ අය අතර සිටී.තවත් ඇමැති ආරක්ෂක නිළධාරියෙක් හා තවත් නිළධාරියෙකි.

කඳුළුගැස් ප්‍රහාරය හම්බන්තොට මහ රෝහලේ ඉහල මාගවල සිටින රෝගින්ටද දැනී ඇති බව රෝහගේ සේවකයින් ප්රනකාශ කර සිටියේය.

එමෙන්ම හම්බන්තොට ප්රාකථමික විදුහල ඇරෙන වේලාවක් වූ හෙයින් ඒ අසල ළමයින්ටද කඳුළු ගෑස්වලින් ඇස් දැවිල්ලක් ඇති වූ බව දෙමාපියන් පවසා සිටියහ.

කඳුළු ගෑස් ප්‍රහාරයෙන් හා ජල ප්‍රහාරයෙන් පසුව සියළුම විරෝධතා කරුවන් එම ස්ථානයෙන් පියව ගියහ.

ලුණම සමූහ

නව අදහස දක්වන්න