දඹුල්ලෙන් දෙබිඩි පොල් හමුවෙයි | දිනමිණ

දඹුල්ලෙන් දෙබිඩි පොල් හමුවෙයි

දඹුල්ල පොහොරන්වැව ප්‍රදේශයේ ගෙවත්තකින් කඩාගත් පොල් ගෙඩියක් පලා බලද්දී ඇතුළත තවත් පොල් ගෙඩියක් හමුවී තිබේ.

දඹුල්ල මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කේ. එස් .ඩි .සරත්චන්ද්‍ර මහතාගේ ගෙවත්තේ ඇති පොල් ගසක මේ දෙබිඩි පොල් ගෙඩිය හමුවී තිබේ

සරත්චන්ද්‍ර මහතා කිවේ ආහාර පිසීම සදහා පොල් ගෙඩියක් ගෙවත්තේ ගසකින් කඩාගෙන බිදින විට බෑ දෙක තුළ බෑ හතරක් දුටු බවය .

මේ පොල් ගෙඩිය ගැන ලැබුණු ආරංචියත් සමග බොහෝ දෙනකු එය නැරැඹීමට පැමිණෙන බව කියයි. 

සිගිරිය විශේෂ

නව අදහස දක්වන්න