ඉන්දුනීසියා අත්අඩංගුවේ සිටි 28ක් දිවයිනට | දිනමිණ

ඉන්දුනීසියා අත්අඩංගුවේ සිටි 28ක් දිවයිනට

නීති විරෝධීව ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් සිටියදී ඉන්දුනීසියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් යළි මෙරටට එවා තිබේ.

ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති, දර්ශන පෙරේරා පැවසුවේ, ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙකු එලෙස මෙරටට එවූ බවයි.

නීති විරෝධීව යාත්‍රා මගින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම ඉතා අසීරු කටයුත්තක් බව ද ඔහු සඳහන් කළේ ය.

නීති විරෝධීව ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් සිටියදී අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස ඉන්දුනීසියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූයේ පසුගිය අගෝස්තු 09 වන දාය.


නව අදහස දක්වන්න

Or log in with...