රාහුලයෙන් ඉහළගොඩට නෑ ගමනක්... | දිනමිණ

රාහුලයෙන් ඉහළගොඩට නෑ ගමනක්...

ජී.සිරිසේන දික්වැල්ල විශේෂ

සීමිත සම්පත් ප්‍රමාණයක් උපයෝගී කරමින් පවත්වාගෙන යන දික්වැල්ලේ , ඉහළගොඩ කනිටු විදුහලේ දරු - දැරියන් හමු වී ඔවුනට අත හිත දීමට ජත්‍යයන්තර ළමා දිනය යෙදුණු ඉකුත් (1) දා මාතර , රාහුල ප්‍රාථමිකයේ දරුවන් තෑගි ‍බෝග රැසක් ද රැගෙන පැමිණිම ඉහළගොඩ ගම්මානයටම සතුට කැඳවීමට හේතුවක් විය. දික්වැල්ල නගරයේ සිට කි.මී.18 ක් පමණ දුරින් , කුරුඳු යායක් මධ්‍යයේ දර්ශනීය කඳු ගැටයක් මත පිහිටා ඇති විදුහල සම්පත් ඌනතාවයෙන් යුත් ඉතා කුඩා පාසලකි. රාහුල මහා විද්‍යාලයේ විදුහල්පති එෆ්. වෙලෙගේ මහතාගේ හා ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි තිලකානි ගුණවර්ධන මහත්මිය ප්‍රධාන ආචාර්ය මණ්ඩලය මෙම සත්කාරක වැඩසටහන සංවිධාන කර තිබුණි. විදුහලේ ආදී ශිෂ්‍ය සංගමය හා දරුවන්ගේ දෙමාපියන්ගේ දායකත්වය මත විදුහලේ පොදු අවශ්‍යතා ඇතුළුව සියලුම දරු- දැරියන්ට නිල ඇඳුම් , පාසල් උපකරණ හා පාවහන් ඇතුළුව රුපියල් හාර ලක්ෂයකට පමණ ආසන්න ප්‍රදානයන් මෙම අවස්ථාවේදී ලබාදීම විශේෂත්වයක් විය. රාහුල විද්‍යාලයේ ආදී සිසුන් වන මාතර මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් පාසල් දරුවන්ට මෙන්ම මාපියන් වෙනුවෙන් වෛද්‍ය සායනයක් ද පවත්වනු ලැබීය.

නව අදහස දක්වන්න