හික්කඩුවේ ඩෙංගු මර්දන වැඩසටහන දා... | දිනමිණ

හික්කඩුවේ ඩෙංගු මර්දන වැඩසටහන දා...

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශයට අයත් කහව සහ අකුරළ ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි. එහිදී මදුරු කීටයන් බෝවීමට ඉඩහැර ස්ථාන දෙකකට අධිකරණයේ නඩු පැවරිණි.

මෙදින නිවාස 754 ක් පරීක්ෂාවට ලක්කළ අතර මදුරු කීටයන් බෝවියහැකි ස්ථාන 64 කට රතු නිවේදන නිකුත් කළේය. මාදම්පාගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. ඒ. ඊ. ආර්. කීනදෙණිය, සීනිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. විරාජ් මෙන්ඩිස්, බූස්ස නාවික හමුදා කඳවුරේ නිලධාරීන්, මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් මෙම ඩෙංගු මර්දන වැඩසටහනට එක්ව සිටියහ.


නව අදහස දක්වන්න

Or log in with...