ජාතික ගමනාගමන කොමිසම මඟින් නිකුත් කරන, නීත්‍යානුකුල මගී සේවා අවසර පත්‍ර නොමැති බස්රථ 12 කට අධිකරණය මඟින් දඩ ගෙවීමට නියම කර ඇති බව ජාතික ගමනාගමන කොමිසම අවධාරණය කරයි.
ඒ අනුව මහරගම-ගාල්ල, වැල්ලවත්ත-කන්කසන්තුරය, වැල්ලවත්ත-මඩකලපුව, මන්නාරම-කොළඹ, කොළඹ-මඩකලපුව, නුවරඑළිය-යාපනය, මහනුවර-කඳුරුවෙල, මාතර-මහරගම සහ මහනුවර-ත්‍රිකුණාමලය යන ප්‍රධාන මාර්ගවල ධාවනය කෙරෙන බස්රථ 12ක් සඳහා මෙසේ දඩ නියම කර ඇත.
ඒ ඒ වැරැදි අනුව රුපියල් 15000, 50000, 250000 සහ 200000 ක දඩ ගෙවන ලෙසට අධිකරණය මඟින් නියෝග කර ඇති බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.
මේ සියලුම බස්රථ මාර්ග බලපත්‍රයක් නොමැතිව අයථා ක්‍රම යොදා ගනිමින් කාලයක් පුරා මගීන් ප්‍රවාහනය කර ඇති බව හෙළිවී ඇති අතර, කිසිසේත් ඉදිරියේ දී මේ බස් හිමිකරුවන් සඳහා ජාතික ගමනාගමන කොමිසම මඟින් නීත්‍යානුකූලව මගී සේවා මාර්ග අවසර පත්‍ර ලබාදීමට කටයුතු නොකරන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති එම්. ඒ. පී. හේමචන්ද්‍ර මහතා වැඩි දුරටත් පැවැසීය.
නව අදහස දක්වන්න