රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බොට්ටුවක් පෙරළෙයි | දිනමිණ

රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බොට්ටුවක් පෙරළෙයි

මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීයාමෙන් පුද්ගලයින් 12 දෙනෙකු බංග්ලාදේශයට ආසන්න මුහුදු සීමාවේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.

ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් බහුතරය කුඩා දරුවන් සිටින බව ද සදහන්.

තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වන අතර ඇතැම් මාධ්‍ය වාර්තා කළේ සියයකට වැඩි පිරිසක් අතුරුදන්ව සිටින බවයි.

මියන්මාරයේ හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් රෝහින්ග්‍යා සරණාගතයින් දිගින් දිගටම බංග්ලාදේශයට පලා යමින් සිටියි.

ඉකුත් මාසයේ සිදු වූ මීට සමාන අනතුරකින් සරණාගතයින් 60 දෙනෙකුට ජීවිත අහිමි විය.

නව අදහස දක්වන්න