යුද්ධ හමුදාව 68 වන සංවත්සරය සමරයි | දිනමිණ

යුද්ධ හමුදාව 68 වන සංවත්සරය සමරයි

ජාතිය සුරැකීමේ අභිමානවත් මෙහෙවරෙහි නිරතව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 68 වන සංවත්සරය නිමිත්තෙන් වර්ණවත් පෙළපාලියක් අද උදෑසන පනාගොඩ යුද්ධ හමුදා ජනපද භූමියේ දී පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් සැප්තැම්බර් මස අවසන් සතියෙහි සිට වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබු අතර, අද දින සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වු අතර, යුද්ධ හමුදා ධජය ඔසවමින් හමුදා දින සැමරුම් වැඩසටහන ආරම්භ විය.

එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් යුද්ධ හමුදාධිපතිතුමා පිළිගත් අතර, අනතුරුව කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

අනතුරුව, සම්මාන ආචාර පෙළපාලියේ අණදෙන නිලධාරි යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන පෙළපාලියේ ආචාරය පිළිගැනීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමා වෙත ආරාධනා කරන ලදී. අභිමානවත් යුද්ධ හමුදා ධජය අහස් කුසේ ලෙළ දෙද්දී ‘සාගරයෙන් වට - මේ මගේ මව් රට...රකිමු සදා’ යන හමුදා ගීතය ගායනා කිරීමට සියලු දෙනා එක්වුහ. එය යුද්ධ හමුදාවේ ප්‍රෞඪත්වය, අභිමානය සැම සිත්තුල ජනිත කර වු එක් මොහොතක් විය. මෙහි දී යුද්ධ හමුදාපතිතුමා සම්මාන ආචාර පෙළපාලිය පිළිගැනිමට ප්‍රථම, මව්බිමේ සාමය උදෙසා අභිතව සටන් වැද දිවි කැප කළ සහ අතුරුදහන් වූ සියළුම අභීත රණවිරුවන් සිහිපත් කොට ඔවුන් කළ කැප කිරීමට කෘතගුණ දක්වනු වස් සියලු දෙනා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් සුරැකීය.

අනතුරුව, හමුදා ආචාරය පිළිගත් යුද්ධ හමුදාධිපතිතුමන් පෙළපාලියේ අණදෙන නිලධාරි යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමගින් රෙජිමේන්තු 24 ක සෙබලුන් නියෝජනය කරමින් පවත්වන ලද පෙළපාලිය නිරීක්ෂණය කරන ලදී.

පෙළපාලියේ දේශාභිමානී ගීතයන් සරඹ භූමිය පුරා රැව්පිළිරැව් දෙමින් රෙජිමේන්තු වර්ණ ප්‍රදර්ශනය කරමින් රෙජිමේන්තු ධජයන් රැගෙන තම අභිමානය මනාව ප්‍රදර්ශනය කරමින් යුද්ධ හමුදාපතිතුමා වෙත ඉදිරිපත් කළ සම්මාන පෙළපාලිය, එය නැරඹීමට පැමිණි සියලුදෙනාගේම අවධානයට ලක්විය.

මෙහිදි, තවත් සුවිශේෂි සිදුවීමක් ලෙස 2017 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු සරඹ තරඟාවලියේ පිරිමි සහ කාන්තා හොඳම සරඹ කණ්ඩායම්, හොඳම කණ්ඩ අණදෙන නිලධාරින් සහ හොඳම තුර්යවාදක කණ්ඩායම් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීම ද සිදු කරනු ලැබීය.

අන්තර් රෙජිමේන්තු සරඹ සහ තුර්යවාදක කණ්ඩායම් තරඟාවලිය - 2017 හී සරඹ තරඟාවලියේ පළමු ස්ථානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම හිමි කරගත් අතර, දෙවන සහ තුන්වන ස්ථාන පිළිවලින් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු සහ ශ්‍රි ලංකා ඉංජිනේරු රෙජිමේන්තු කණ්ඩායම් වලට හිමිවිය.

තුර්ය වාදක කණ්ඩායම් තරඟාවලියේ පළමු ස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායට හිමි වු අතර, පිළිවලින් දෙවන සහ තුන්වන ස්ථාන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට සහ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවට හිමි විය.

ශ්‍රී ලංකා සංඥා බලකායේ බළලත් නිලධාරි - I කේ. පී. වෛද්‍යතිලක දක්ෂතම තුර්යවාදකයා ලෙසත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කපිතන් ඒ.කේ.කේ. පෙරේරා හොඳම කාන්තා කණ්ඩ අණදෙන නිලධාරිණිය ලෙසත්, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කපිතන් කේ.එච්.එල්.පී. කරුණාරත්න හොඳම කණ්ඩ අණදෙන නිලධාරි ලෙසත්, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ මාණ්ඩලික සැරයන් ඩි.එම්.එස්. දිසානායක හොඳම සරඹ උපදේශකයා ලෙසත් මෙහිදි ජය සංකේත හිමි කරගත්හ.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් 68 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් සිය පණිවිඩය ඉදිරිපත් කරමින් භට පිරිස් හී කැපවීම ඇගයිමට ලක්කල අතර, යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ආරක්ෂා කරමින් හා විනය ඉතා ඉහල මට්ටමක පවත්වා ගනීමින් රට ආරක්ෂා කිරීමේ වගකීම අප සතු බවත් රටතුල ස්ථීරසාර සාමය සහ සංහිදියාව ඇතිකිරීමෙහිලා අපගේ දැඩි කැපවීම සහ උත්සහය ද වැදගත්වන බවත් සඳහන් කර සිටියේය. තවද යුද්ධ හමුදා පුහුණු ආයතනයන් හී පහසුකම් තවදුරටත් ඉහල නංවා ජාත්‍යන්තර මට්ටමට රැගෙන ඒමත් යුද්ධ හමුදා සුභසාධන කටයුතු තවදුරටත් වැඩි කරමින් යුද්ධ හමුදා සාමාජිකයින්ට වැඩි සහන සැලසිමට අපේක්ෂා කරන බවත් පැවසීය. එමෙන්ම, ඉහල මානසික ඒකාග්‍රතාවයකින් යුතුව වඩා ක්‍රියාශිලිව අපගේ හමුදා රාජකාරින් ඉතා ඉහළ ප්‍රමිතියකින් ඉටු කල යුතුව ඇති බවත් යුද්ධ හමුදාධිපතිතුමන් සිය කතාවේ දී අවධාරණය කරන ලදී.

ප්‍රධාන උත්සව අවස්ථාව අවසානයේ දී පැවති තේ පැන් සංග්‍රහය අතරතුර දී එම අවස්ථාවට සපැමිණි විශ්‍රාමික ‍ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම අනෙකුත් ආරාධිතයින් සමඟ කතාබහ කිරීමට ද එහිදි යුද්ධ හමුදාපතිතුමා අමතක නොකළහ.

මෙම අවස්ථාවට හිටපු යුද්ධ හමුදාපතිවරු, විශ්‍රාමික ‍ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් විශාල පිරිසක් ද එක් ව සිටියහ.

ආගමික වතාවත්වලට මුල් තැනක් දෙමින් පසුගිය සැප්තැම්බර් මස අවසන් සතියේ සිට යුද්ධ හමුදා 68 වන සංවත්සරය නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථා‍නය, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලිය, කොටහේන ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වර් හින්දු කෝවිල, කිරිවෙහෙර, කතරගම දේවාලය සහ පනාගෙඩ බෝධිරාජාරාමයේ දීත් ආගමික ආශිර්වාදයන් ලබා ගනිමින් විවිධ වැඩසටහන් පැවැත්වු අතර, බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අද (10) දින සන්ධ්‍යාවේ අනුස්මරණ උත්සවයක් ද පැවැත් වේ. එමෙන්ම, 68 වන සංවත්සර වැඩසටහනේ නිමාව සනිටුහන් කරමින් බදාදා (11) දින සියලු නිල රාත්‍රි භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබලා දේශයේ ආර්ථික, සමාජිය, සංස්කෘතික වටිනාකම් සුරකින, ජාතින් අතර සංහිදියාව ශක්තිමත් කරමින් දේශයේ සංවර්ධන ක්‍රියාදාමයන්ට උර දෙන වෘත්තිමය නිපුණත්වයෙන්, ශක්තිමත් හා තීර අදීටනින් හෙබී පුද්ගලයකු විය යුතු බවට යුද්ධ හමුදාධිපති තුමන් සිය යුද්ධ හමුදා 68 වන සංවත්සර පණිවිඩයෙන් ප්‍රකාශ කර සිටි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ යුද හමුදා දින පණිවුඩය පහතින් දැක්වේ; 

දේශයේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමෙහිලා සුවිශේෂි මෙහෙවරක් ඉටු කරන, ශ්රීක ලංකා යුද්ධ හමුදාවේ විජයග්රාිහී 68 වන සංවත්සරය වෙනුවෙන් මාගේ හෘදයාංගම සුභාශිංසනය මෙසේ එක් කරමි.

ගෙවී ගිය 68 වසරක කාලය පුරාවට, රටට එල්ල වූ විවිධ තර්ජන හා අභියෝගවලදී, මාතෘභුමියේ ස්වෛරීත්වයත්, භෞමික අඛණ්ඩතාව මෙන්ම ජනජිවිතවල සුරක්ෂිතතාව වෙනුවෙනුත් ශ්රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉටු කරනු ලැබු සේවාව අතිමහත්ය. එහිදි ජිවිත පරිත්යාුගයෙන් යුතුව නොපැකිළව ඔවුන් විසින් සිදු කරන ලද පුරෝගාමී මෙහෙවර හේතුවෙන් අද වන විට රට තුළ පවතින තිරසාර සාමය හා සෞභාග්යි උදාකරගැනීමට හැකියාව ලැබී තිබේ. එමෙන්ම, රට තුළ විවිධ අවස්ථාවලදී ඇතිවන හදිසි ආපදා තත්ත්ව සහ ස්වාභාවික ව්යේසනවලදී කඩිනම් සහන සේවා සපයමින් සාමාන්යඋ ජන ජිවිත යථා තත්ත්වයට ගෙන ඒම උදෙසාද ශ්රීට ලංකා යුද්ධ හමුදාව විසින් දක්වන්නා වු අප්ර මාණ කැපවීම මා මෙහිදි ප්රාථමයෙන්ම සිහිපත් කරමි.

එවන් වු මහඟු කාර්යභාරයක් ඉටුකිරීම උදෙසා ජිවිත කැප කොට, රණක්ෂිතයට පත්වෙමින්, තම ශ්රුමය හා කාලය කැප කොට දේශය වෙනුවෙන් සිය යුතුකම් සෘජුවම ඉටුකළ, ශ්රීි ලංකා යුද්ධ හමුදාවේ සියලුම රණවිරුවන් වෙත මාගේ ගෞරව ප්රෙණාමය පුද කරමි. එමෙන්ම, අභිමානවත් යුද්ධ හමුදා ඉතිහාසය පුරාවට එහි අභිවෘද්ධිය උදෙසා දිවිහිමියෙන් කටයුතු කළ, සියලුම යුද්ධ හමුදාපතිවරුන් හා සියලුම නිලධාරීන් මෙන්ම, සෙසුනිලයින්ද, සිවිල් සේවක කාර්යමණ්ඩල සාමාජිකයින් හා ඔවුන් සියලුදෙනාගේම පවුල්වල සාමාජිකයින් ද මේ අවස්ථාවේදී ඉතාමත් කෘතඥතා පුර්වකව සිහිපත් කිරීමට කැමැත්තෙමි.

එසේම, ශ්රීත ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි ගමන්මග සඳහා දූරදර්ශී නායකත්වය සපයන සහ ඒ සඳහා මඟපෙන්වන ශ්රීර ලංකා ප්ර ජාතාන්ත්රි ක සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු මෛත්රී පාල සිරිසේන උතුමාණන් මෙන්ම, ආරක්ෂක රාජ්යස අමාත්යන ගරු රුවන් විජයවර්ධන මැතිඳුන් සහ ආරක්ෂක ලේකම් කපිල වෛද්යාරත්න මැතිඳුන්වද, 68 වන යුද්ධ හමුදා දිනය සමරන මෙම සුවිශේෂි මොහොතේ දී ගෞරව බහුමානයෙන් යුතුව සිහිපත් කරමි.

අද වන විට සාමකාමී පසුබිමක් තුළ, සහෝදරත්වයෙන් යුතුව ජිවත්වන ශ්රීම ලාංකේය පුරවැසියන්ගේ අපේක්ෂාවන් පිටුපස, නිබඳ ශක්තිය බවට පත්වීමේ වගකීම ශ්රීො ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වශයෙන් අප වෙත පැවරී තිබේ. එබැවින් මව්බිමේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමේ මුලික කාර්යභාරයට අමතරව, කාලීනව අප වෙත පැවරෙන සියලුම කාර්යයන් නොපිරිහෙලා ඉටු කරමින්, ජනජිවිත සුරක්ෂිත කොට, අප දිනාගත් නිදහසේ සදාතනික වටිනාකම මතු පරපුර උදෙසාද රැගෙන යෑමේ ප්රතමුඛ වගකීම, එළඹෙන ඉදිරි කාල පරිච්ඡේදය තුළදී ද වඩ වඩාත් සාර්ථකව අප විසින් ඉටු කළ යුතුව ඇත.

එම වගකීම් සම්භාරය ඉටුකිරීමේදි යුද්ධ හමුදාවේ ප්රසතිරූපයට කිසිදු ආකාරයක හානියක් නොවන අයුරින් උසස් මට්ටමේ විනයක් පවත්වාගෙන යමින්, කාර්යක්ෂමව හා ආදර්ශමත්ව, එකාවන්ව එක් අරමුණක් උදෙසා කටයුතු කිරීම ඉතා වැදගත්වේ.

එමෙන්ම, රටෙහි ජාතික සංවර්ධන ක්රිකයාවලිය වෙත තරවදුරටත් සෘජු දායකත්වය ලබාදෙමින්, රටේ ආර්ථික, සමාජියීය හා සංස්කෘතිකමය වටිනාකම් සුරක්ෂිත කොට ජාතින් අතර සංහිඳියාව වර්ධනය කිරීම උදෙසාද ඇප කැප වී කටයුතු කිරීමට අප අදිටන් කරගත යුතුය. විශේෂයෙන්ම, අවංකභාවයෙන් හා කැපවීමෙන් යුතුව ඉදිරියටත් තම රාජකාරියේ නිරතවීම තුළින්, ශ්රීා ලංකා යුද්ධ හමුදාව කෙරෙහි දේශ දේශාන්තර ජන හදවත් තුළ පවතින කීර්තිනාමය තවදුරටත් සුරක්ෂිත කරගත හැකිවන අතර, ඒ සඳහා ඔබ සැමගේ අඛණ්ඩ සක්රීතය දායකත්වය මා නිරතුරු අපේක්ෂා කරමි.

එසේම, ක්රි යාන්විතයේ දී ජිවිත පරිත්යා‍ග කළ සහ රණක්ෂිතයට පත්වු සියලුම රණවිරිවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මූලික කොට ගෙන සමස්ත යුද්ධ හමුදාවේම දැනට පවතින සුභසාධන කටයුතු තවදුරටත් දියුණු කළ යුතු බවත්, මේ වනවිට ඔබ සැම භුක්තිවිඳිමින් සිටින සියලු සුභසාධන ව්යායපෘති මෙන්ම නව ව්යාමපෘතිද වඩ වඩාත් සාර්ථකව හා ගුණාත්මකව ඔබ වෙත සමීප කළ යුතු බවත් මා දැඩිව විශ්වාස කරමි. එතුළින් සියලු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මානසික තත්ත්වය ඉතාමත් උසස් මට්ටමක පවත්වාගෙන යාමට හැකි වනු ඇති අතර, වඩාත් සක්රීමය සේවාවක් ලබා ගැනීමටද එය සුවිසල් පිටුවහලක් වනු ඇත.

මාතෘ භුමයේ තිරසාර සාමය වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීම උදෙසා ජිවිත පූජා කළ සියලුම රණවිරුවන්ටත්, සිවිල් සේවක කාර්යමාණ්ඩල සාමාජිකයන්ටත් නිවන් සුව ප්රාුර්ථනා කරන අතර, ඔවුන්ගේ දුවාදරුවන් ඇතුළු ඥාති හිතමිත්රායදින්ට සෞභාග්යා, වාසනාව හා දීර්ඝායුෂ ප්රාරර්ථනා කරමි.

එසේම, ක්රිදයාන්විතයේදී රණක්ෂිතයට පත්ව මේ වන විට ප්රයතිකාර ලබමින් සිටින රණවිරුවන් ප්රාමුඛ සියලුදෙනාටම ඉක්මන් සුව ප්රාීර්ථනා කරන අතර, දැනට සේවයේ නියුතු ශ්රීව ලංකා යුද්ධ හමුදාවේ සියලුම රණවිරුවන්ට හා විවිධ ක්ෂේත්රර තුළින් අනඟි මෙහෙවරක් ඉටු කරන සිවිල් සේවක කාර්යමණ්ඩල සාමාජිකයන්ටත් ඔවුන්ගේ දුවාදරුවන් ඇතුළු ඥාති හිතමිත්රාකදින්ටත් දීර්ඝායුෂ, සාමය, සෞභාග්ය හා සතුට නොඅඩුව ලැබේවායි පතමි.

හැට අට වසරක විජයග්රාසහී උරුමයකට හිමිකම් කියන, ශ්රී ලංකා යුද්ධ හමුදාවේ ජිව ගුණය ඉදිරියටත් පවත්වාගෙන යාම අප සියලුදෙනා සතුව පවතින පොදු වගකීමක් බැව්, යළි යළිත් අවධාරණය කරන අතර, ඒ සඳහා අවැසි සියලු ශක්තිය සහ ධෛර්යය නිරතුරුවම ඔබ සැම වෙත ලැබේවායි අවසාන වශයෙන් ප්රාසර්ථනා කරමි.

ඔබ සැමට විජයග්රාාහී අනාගතයක් වේවා !

 

නව අදහස දක්වන්න