කැලිෆෝනියාවේ දරුණු ගින්නක් | දිනමිණ

කැලිෆෝනියාවේ දරුණු ගින්නක්

එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ වේගයෙන් පැතිර ගිය ගින්නකට ගොදුරු වී පුදගලයින් දස දෙනෙකු මරණයට පත්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.

ගින්නෙන් දේපළ 1500ක් පමණ සම්පුර්ණයෙන් විනාශයට පත් වී ඇති අතර ප්‍රදේශවාසීන් ආරක්‍ෂිත ස්ථාන කරා යැවෙමින් පවතින බව එරට බළධාරීන් පවසති.

මෙම ගින්න හේතුවෙන් කැලිෆෝනියාවේ උතුරු ප්‍රදේශයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

නාපා, සොමොනා සහ යූබා පළාත්වලින් පමණක් 20000ක් පමණ ජනතාව පලා ගොස් ඇති බව වාර්තාවන අතර මෙම ප්‍රාන්තයේ ඇති වූ දරුණුතම ලැව්ගින්න මෙය ලෙස සැලකේ.

සොමොනා පලාතෙන් පමණක් මරණ හතක් වාර්තා වී ඇති අතර එහි පොලිස් ප්‍රධානියා කියා සිටියේ මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බවයි.

වයින් නිෂ්පාදනයට ප්‍රසිද්ධ නාපා සහ මෙන්ඩොසිනෝ හි අක්කර දහස් ගණනක් ගින්නට හසුවී ඇති අතර වයින් නිෂ්පාදනය සඳහා පවතින වගාබිම්වල සිටින කම්කරුවන් විශාල පිරිසක් හෙලිකොප්ටර් යානා ආධාරයෙන් වෙනත් ස්ථාන කරා ගෙනයමින් සිටී.

මෙම ගින්න ආරම්භ වීමට හේතුව තවමත් අනාවරණය වී නැත.

පැයට කිලෝමීටර 80ක පමණ වේගයකින් හමා යන සුළඟ හේතුවෙන් එය ඉතා ඉක්මනින් විශාල ප්‍රදේශයක් කරා පැතිර ගොස් තිබේ.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...