තිලාපියා ලක්ෂයක් මාවුස්සාකැලේට | දිනමිණ

තිලාපියා ලක්ෂයක් මාවුස්සාකැලේට

 මාවුස්සාකැලේ ජලාශයට තිලාපියා වර්ගයේ මාළු පැටවුන් ලක්ෂයක් ඉකුත් (09) දා මුදා හරින ලදි. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ජලජීවි වගා සංවර්ධන ව්‍යපෘතිය මඟින් මෙම මාළු පැටවුන් මාවුස්සාකැලේ ජලාශයේ දැල් කූඩු තුළට මෙසේ මුදා හැරීම සිදු කළේය.

මාවුස්සාකැලේ ජලාශයේ ධීවර කටයුතුවල නිරතව සිටින ධීවර ප්‍රජාවගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම හා එම ප්‍රදේශයේ ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ දැමීම මෙමඟින් බලාපොරොත්තුවන බව නුවරඑළිය දිස්ත්‍රික් ජලජීවි වගා ව්‍යපෘති නිලධාරි (වැඩ බලන) මධුරංග සමරකෝන් මහතා පැවැසීය.

ඡායාරූප- නුවරඑළිය සමූහ - චන්ද්‍රසිරි මහගම
මස්කෙළිය සමූහ- ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

 

නව අදහස දක්වන්න