දිවුලපිටියේ නව පවුල් සෞඛ්‍ය පියස ජන අයිතියට පැවරූ දා... | දිනමිණ

දිවුලපිටියේ නව පවුල් සෞඛ්‍ය පියස ජන අයිතියට පැවරූ දා...

දූනාගහ සමූහ - අයි. එම්. අබේරත්න, කොටදෙණියාව සමූහ - ඇම්. පී. කුමාර

වෛද්‍ය සේවාවේ අනිවාර්ය පරමාර්ථය වන්නේ ජනතාවගේ නිවස අසලට සේවය ගෙනයාමයි. ඒ සඳහා වෛද්‍ය සේවයේ නියුතු අප සැවොම අවංකව කැපවිය යුතුයි. දැනුම බුද්ධිය ක්‍රියාශීලීත්වය මෙන්ම අවංක අව්‍යාජත්වය හා පරහිතකාමීත්වය සමස්ත රෝහල් මණ්ඩලයෙන් විශද වියයුතු අතර ජනතා විශ්වාසය සපුරා දිනාගැන්මට දක්ෂ වියයුතු යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය කීවාය. නවීකරණය කරන ලද සුවිශේෂී නිවස්නක ඇරඹුන පවුල් සෞඛ්‍ය වෛද්‍ය පියස හා අක්ෂි පරීක්ෂණ පියස ජන අයිතියට පැවරුම වෙනුවෙන් පැවති විශේෂ සභාව අමතා නි/සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය එසේ කීවාය. ඇය මෙසේ ද කීවාය.

ඇතැම් වාට්ටුවල රෝගීන් නැහැ. එහෙත් දිවුලපිටිය දිසා රෝහල දුයුණු කළයුතු විශේෂ ගණයේ රෝහලක් ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් අදාළ ප්‍රදේශයේ රෝගීන් එම ප්‍රදේශයේ ඇති රෝහල වෙත ඇදීඒමට හා එහි රැඳීමට අදාළ වටපිටාව අප විසින් සකස් කළ යුතුයි. ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව එම පරිසරය ගොඩනැගෙනවිට රෝගීන්ගේ විශ්වාසය ද නිරන්තරයෙන් ගොඩනැගෙනවා. එසේ වනවිට ප්‍රධාන රෝහල් වෙත ඇදීයාම වළකිනවා. එය හැම අංශයකටම හැම අයුරින්ම පහසුවනවා. ඉදිරියේදී දිවුලපිටිය දිසා රෝහල ද වැඩිදියුණු කිරීමට අපි පියවර ගනිමු.

 

නව අදහස දක්වන්න