ෆින්ලන්ත රජයෙන් සහනදායි ණය ආධාර | දිනමිණ

ෆින්ලන්ත රජයෙන් සහනදායි ණය ආධාර

 ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රදාන සහ සහනදායි ණය ආධාර ලබා දීමට ෆින්ලන්ත රජය එකඟත්වය පළ කර ඇත. මේ සඳහා වන ගිවිසුමට 10 වන දා පෙරවරුවේ ෆින්ලන්ත විදේශ අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණි.

ශ්‍රි ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර් එස් එච් සමරතුංග මහතා ද, ෆින්ලන්තය වෙනුවෙන් ෆින්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සතු සන්තලා (Satu Santala) මහත්මිය ද මේ ගිවිසුමට අත්සන් තබන ලදී.

දෙපාර්ශවය විසින් එකඟ වන ව්‍යාපෘතීන් සඳහා මේ ගිවිසුම ඔස්සේ ප්‍රදාන සහ ණය ආධාර ලබා දීමට නියමිතය. මේ ගිවිසුම ක්‍රියාත්මක වනුයේ සංවර්ධනය වන රටවල් සඳහා ෆින්ලන්තය ලබා දෙන සහයෝගීතා සහන යටතේය.

 මේ ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වාසි සහ අවස්ථා අතිශය වැදගත් බැවින්, ඒවායින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ශ්‍රි ලංකාවේ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීමක් බව ද මුදල් ලේකම් ආචාර්ය ආර් එස් එච් සමරතුංග මහතා අවධාරණය කෙළේය. 

නව අදහස දක්වන්න