ඉහළම ශිෂ්‍යත්ව ප්‍රතිඵල අඹන්පොළ ඕල්කට් ආදර්ශයෙන් | දිනමිණ

ඉහළම ශිෂ්‍යත්ව ප්‍රතිඵල අඹන්පොළ ඕල්කට් ආදර්ශයෙන්

සිතාරා සේනානි

මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව සකස් කර ඇති පාසල් සාධන දර්ශකය අනුව ඉහළම සාධන මට්ටමක් පෙන්නුම් කරමින් නිකවැරටිය අඹන්පොළ ශ්‍රීමත් හෙන්රි ඕල්කට් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය පළමුවැනි ස්ථානයට පත්ව තිබේ. දෙවැනි ස්ථානය නිකවැරටිය ඇහැටුවැව ඒරියාව කණිෂ්ඨ විද්‍යාලයටත්, තුන්වැනි ස්ථානය කුලියාපිටිය විශාකා බාලිකා විද්‍යාලය සහ නිකවැරටිය ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයටත් හිමිව තිබේ. අධ්‍යාපන මිනුම් සහ ඇගයුම් ක්ෂේත්‍රයේ පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් වන ස්ටැනික් පරිමාණය අනුව මෙම පාසල් සාධන දර්ශකය සකස් කර ඇත.

එම දර්ශකය අනුව දිවයිනේ ඉහළම සාධන දර්ශකය සහිත පාසල් 40කි. වයඹ පළාතේ පාසල් 15ක්, බස්නාහිර 11ක්, උතුර 5ක්, දකුණ 3ක්, ඌව 2ක්, සබරගමුව 2ක්, මධ්‍යම 1ක් සහ නැඟෙනහිර 1ක් වශයෙන් මෙසේ ඉහළ සාධන මට්ටමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඊයේ (11) නිකුත් කළ මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තාවේ සඳහන් ය. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...