ඇමැති මංගල ඇමෙරිකා රාජ්‍ය දේශපාලන මහලේකම් හමුවක් | දිනමිණ

ඇමැති මංගල ඇමෙරිකා රාජ්‍ය දේශපාලන මහලේකම් හමුවක්

 ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සහභාගි වීම සඳහා මේදිනවල ඇමෙරිකාවට ගොස් සිටින මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු භාර මහලේකම් තෝමස් සැහොන් මහතා හමුවිය.

ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව සමඟ කලාපීය කටයුතු භාරව ක්‍රියාකරන තෝමස් සැහොන් මහතා ලබන මස මේ රටේ සංචාරයක නිරත වීමට ද නියමිතය.

මංගලසමරවීර මහතා විදේශ කටයුතු ඇමැති ධූරය දැරූ සමයේ ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර හවුල්කාරීත්ව ක්‍රියාමාර්ග හා කලාපීය සබඳතා පිළිබඳ කතිකාවක් ගොඩනැගීමට පියවර ගෙන තිබුණි. එහි දෙවැනි වටයේ සාකච්ඡාව සඳහා මහලේකම්වරයා ලබන මස මෙරටට පැමිණෙනු ඇත.

මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයාගේ උපදේශක මනෝ තිත්තවැල්ල, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරී මහාචාර්ය ගාමිණී බී. කිරවැල්ල, ප්‍රියන්තා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහුද මේ හමුවට එක්ව සිටියහ.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...