පෞද්ග­ලික අංශයෙන් විරැ­කි­යා­වට පිළි­තු­රක් | දිනමිණ

පෞද්ග­ලික අංශයෙන් විරැ­කි­යා­වට පිළි­තු­රක්

චිත්‍ර තර­ඟ­යෙන් ජය­ග්‍ර­හ­ණ­යක් ලබා­ගත් දරු­වකු මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැ­ති­ව­රයා අතින් ත්‍යාගය සමඟ සහ­තික පත්‍රය ලබා­ගත් අයුරු.

‍අසේල කුරුළුවංශ

 

මෙරට විරැකියාව දුරු කිරීම සඳහා පෞද්ගලික ව්‍යාපාරික අංශයෙන් ලැබෙන දායකත්වය ඉතා ඉහළ බවත් ඇතැම් පිරිස් රජයේ රැකියා අපේක්ෂාවෙන් පෞද්ගලික අංශයේ රැකියාන්ට ඉල්ලුම් පතක් හෝ යොමු නොකර වසර ගණන් විරැකියාවෙන් පෙළෙන බවත් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා පවසයි.

‍රාජ්‍යය අංශයට වඩා ඉහළ වැටුප් සමඟ උසස් වීම් පෞද්ගිලක අංශයේ රැකියා වලින් ලැබෙන නමුත් විශ්‍රාම වැටුප පිළිබඳ සිහින දකිමින් තරුණ තරුණයින් රජයේ රැකියා අපේක්ෂා කරන බවත් ඒ මහතා කීය.

ලෝක ළමා දිනයට සමගාමීව ශ්‍රීයාණි ඩ්‍රෙස් ‍පොයින්ට් (Sriyani Dress Point) ආයතනය වාර්ෂිකව සංවාධානය කරනු ලබන සිත්තරු සිහින 2017 චිත්‍ර තරඟයට නිර්මාණ ඉදිරිපත් කරමින් ජයග්‍රහණ හිමිකර ගත් හා ප්‍රසස්ථ නිර්මාණය ඉදිරිපත් කළ පැසැල් ළමුන් 6000 ක් සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රධානය කිරීම නිමිත්තෙන් පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති උත්සවයකදී මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා‍ මේ බව ප්‍රකාශ කළේය.

ව්‍යාපාරික කටයුතු වල නිරතව තමන් ලාභයෙන් කොටසක් පෙරළා සමාජ සුබ සාධනය සඳහා යොදවන ව්‍යාපාරිකයින් පිරිස අල්ප බවත් දැයේ දුවා දරුවන්ගේ කලා කුසලතා ඔප්නැන්වීම පිණිස ශ්‍රියාණි ඩ්‍රෙස් පොයින්ට් ආයතනය සිදුකරන මෙහෙවර ප්‍රශංසනීය බවත් හෙතෙම අවධාරණය කළේය.

මධ්‍යම ,වයඹ හා සබරගමුව පළාත් ආවරණය වන පරිදි ‍පැවැත්වූ මෙම තරඟාවලිය සඳහා නිර්මාණ 30000 ක් ලැබී තිබුණු බව ශ්‍රීයාණි ඩෙස් පොයින්ට් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ එස්,සෙල්වරාජ් මහතා පැවසුවේය.

ප්‍රවීන විනිශ්චය මණ්ඩලයක් මගින් චිත්‍ර තෝරා ගැනීම සිදුකළ අතර මෙවර තරඟාවලිය පවත්වනු ලැබුවේ සිව්වන වරටය.මෙම අවස්ථාව සඳහා සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හර්ෂ සියඹලාපිටිය,මහනුවර නාගරික කොමසාරිම් චන්දන තෙන්නකෝන්,ශ්‍රීයාණි ඩ්‍රෙස් පොයින්ට් කළමණාකාර අධ්‍යක්ෂිකා මධුෂිකා සෙල්වරාජ්,නව පරපුරේ රංගන ශිල්පීන් දෙපළක් වන විශ්ව කොඩිකාර,මංජුලා කුමාරි යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...