ශක්තිමත් වීමට තර­ග­යක් තිබිය යුතුයි | දිනමිණ

ශක්තිමත් වීමට තර­ග­යක් තිබිය යුතුයි

 මහින්ද අලුත්ගෙදර

v ඕපල් ලෑන්ඩ් (OPAL LAND) සමූහ ව්‍යාපාරයේ ආරම්භය සම්බන්ධයෙන් කුමක් කිව හැකි ද ?

මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුල් වූ කරුණු කිහිපයක් තිබෙනවා. තාත්තාගේ ව්‍යාපාර කටයුතු මුල් කාලයේ දැක තිබෙනවා. තාත්තා ව්‍යාපාරික කටයුතු කළේ ගල්කිස්ස ප්‍රදේශයේ. ඒ අනුව 1995 වසරේ සිට මම ඉඩම් අලෙවි කිරීමේ ව්‍යාපාරය දෙසට යොමු වුණා. ඕපල් ලෑන්ඩ් කියලා තමයි අපි මුලින්ම මේ ව්‍යාපාරය පටන් ගත්තේ. හිතවත් සේවකයෙක් සමඟ මුලින්ම පටන් ගත්තා. වාද්දුව, කළුතර පැත්තෙන් අපි මුලින්ම පටන් ගත්තා.

 

v ඉඩම් විකිණීම, නිවාස ඉදිකොට අලෙවි කිරීම මෙන්ම මූල්‍ය පහසුකම් සැලසීම ඇතුළු විවිධ සේවාවන් වෙනුවෙන් ක්‍රියාත්මක මේ සමාගම ආරම්භයේ සිට මේ දක්වා පැමිණි ගමන් මඟ කෙසේ ද ?

 

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉතා කුඩාවට ආරම්භ කළ ඕපල් ලෑන්ඩ් සමූහය අද වනවිට ඉතා දිඟු ගමනක් පැමිණ තිබෙනවා. කළුතර, වාද්දුවෙන් පටන් ගත් ව්‍යාපාරය අද වනවිට බස්නාහිර සහ දකුණු පළාත් ආවරණය කරමින් ව්‍යාපාරික කටයුතු කරගෙන යනවා. පුද්ගලයින් දෙදෙනෙකුගෙන් පටන්ගත් අපේ ව්‍යාපාරය අද වනවිට ස්ථිර සේවකයින් 40 කගෙන් පමණ සමන්විත වෙනවා. ඒ වඟේම අපේ කළමනාකාරවරුන් හය දෙනෙක් පමණ ඉන්නවා. පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් මේ දක්වා පැමිණි ගමන් මඟ සම්බන්ධයෙන් සතුටට පත්වෙනවා.

පාරිභෝගික අවශ්‍යතා හොඳින් තේරුම් ගෙන ඔවුන්ගේ අවශ්‍යතා උපරිමයෙන් ඉටුකරන්නට සමාගමක් ලෙස අපි කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් අප සමාගම කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. ඒ විශ්වාසය එළෙසින්ම ඉදිරියටත් රැගෙන යන්නට අපේ සමාගම නිරන්තරයෙන් උත්සාහ ගන්නවා. ඕපල් ලෑන්ඩ් නමින් ආරම්භ කරන ලද අපේ ව්‍යාපාරය මේ වනවිට දැවැන්ත සමාගම් තුනක් දක්වා ව්‍යාප්ත කරන්නට හැකියාව ලැබී තිබෙනවා. ඕපල් ලෑන්ඩ් එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම, ඕපල් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම සහ ඕපල් හවුසින් පුද්ගලික සමාගම වශයෙන් එම සමාගම් ත්‍රිත්වය නම් කරන්න පුළුවන්.

මේ සමාගම් ප්‍රධාන වශයෙන් වැදගත් මෙහෙයන් කිහිපයක් ඉටුකරනවා. ඕපල් ලෑන්ඩ් එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම ඉඩම් අලෙවි කිරීම සිදුකරනවා. ඕපල් හවුසින් පුද්ගලික සමාගම මඟින් නිවාස ඉදිකිරීම සහ අලෙවි කිරීමේ කටයුතු සිදුකරනවා. ඒ වඟේම ඕපල් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම මඟින් ද ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ වඟේම අපි අපේම කාර්යාල සංකීර්ණයකට පැමිණ තිබෙනවා. එය නො. 156, ගාලු පාර, රත්මලාන ස්ථානයේ පිහිටා තිබෙනවා. අපේ සමාගමේ සේවය කරන කළමනාකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබාදී තිබෙනවා.

 

v ඉඩම් විකිණිම, නිවාස අලෙවි කිරීම මෙන්ම මූල්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ තිබෙනවා. තරඟකාරී ව්‍යාපාරික ලෝකය තුළ මෙවැනි ආයතනත් සමඟ තරඟකාරීව ඉදිරියට ගමන් කරන්නේ කොහොම ද ?

ඇත්තටම ව්‍යාපාරික තරඟය තුළ අපි දිනෙන් දින ඉදිරියට යන්නේ අපිටම විශේෂ වූ කරුණු කිහිපයක් හේතුවෙන් බව කියන්න කැමැතියි. අපි අපේ පාරිභෝගිකයන් වෙනුවෙන් විශ්වාසයෙන් යුතුව සේවාව ලබාදෙනවා. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හොඳින් හදුනන සමාගමක් වශයෙන් ඔවුන් අප සමාගම කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තිබෙනවා. එය තමයි අපේ දියුණුවේ රහස වී තිබෙන්නේ. අපි නිරන්තරයෙන් පාරිභෝගිකයන් තෘප්තිමත් කරන්නට පියවර ගන්නවා.

 

v දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන නිවාස ව්‍යාපෘති තිබෙනවා ද ? ඒ ව්‍යාපෘති මොනවා ද ?

දැනට අපේ නිවාස ව්‍යාපෘති පිළියන්දල සහ මාළඹේ ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ල සුඛෝපභෝගී නිවාස වෙනවා. සාමාන්‍යයෙන් ඒවා රුපියල් ලක්ෂ 150 සිට මිල ගණන් යටතේ අලෙවි කරනවා. පිලියන්දල නිවාස නවයක් මේ වනවිට ක්‍රියාත්මක වෙනවා. මේවා තට්ටු දෙකේ නිවාස ලෙස ඉදි කෙරෙනවා. අපි පානදුරේ නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න යනවා. ඒ වඟේම අපි ඉඩම් අලෙවි කිරීමේ ව්‍යාපෘති කිහිපයක් ද කරගෙන යනවා. ප්‍රධාන වශයෙන් අපි තරඟකාරී ආයතනවලට සාපේක්ෂව සාධාරණ මිල ගණන් යටතේ අලෙවි කරනවා.

ඉඩම් අලෙවි කිරීමේ ව්‍යාපාති කිහිපයක් ද අපි කරගෙන යනවා. වාද්දූව ව්‍යාපෘති තුනක් තිබෙනවා. පානදුර ව්‍යාපෘති දෙකක් තිබෙනවා. හොරණ ව්‍යාපෘති දෙකක් කරනවා. බෙන්තර ව්‍යාපෘති දෙකක් කරනවා. අම්බලන්ගොඩ ද ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඉංගිරිය ව්‍යාපෘතියක් තිබෙනවා. පානදුරේ ව්‍යාපෘතියන් මේ වනවිට අවසන්කර තිබෙනවා. අපි අපේ ව්‍යාපාරය සම්බන්ධයෙන් විශාල වශයෙන් ප්‍රචාරණ කටයුතු සිදුකරන්නේ නැහැ. අපි අපේ සේවාවන් විශ්වාසයකින් යුතුව පාරිභෝගිකයන්ට ලබාදීම නිසා ඔවුන් විසින් දන්නා හදුනන අය වෙත පණිවුඩය ලබාදෙනවා.

 

v ඕපල් ලෑන්ඩ් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාරික කටයුතු මේ වනවිට බස්නාහිර සහ දකුණු පළාත් දෙක කේන්ද්‍ර කර ගනිමින් සිදුකෙරෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ සෙසු පළාත් සඳහා ව්‍යාප්ත කිරීමේ අදහසක් නැද්ද ?

 

සමාගමක් ලෙස අපි බස්නාහිර සහ දකුණු පළාත්වල ලබන සාර්ථකත්වය මත ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සෙසු පලාත්වලට ද ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී අපේ කළමනාකරුවන්ගේ සහාය ද ලබා ගන්නවා. ව්‍යාපෘති සංඛ්‍යාව ඉහළ නැංවීමට ඔවුන් දිරිමත් කරනවා. ලංකාවේ ඕනෑම තැනකින් හොඳ ඉඩමක් නිවෙසක් දෙන්න තමයි අපි අපේක්ෂා කරන්නේ. ඒ නිසා ඉදිරියේ දී අපි රටේ සෑම ප්‍රදේශයකටම යන්න බලාපොරොත්තු වෙනවා. අපේ පාරිභෝගිකයන්ට ඉහළම සේවාවක් ලබාදීමට අපි කැපවෙනවා.

 

v තරඟකාරී ව්‍යාපාරික ආයතනවලට සාපේක්ෂව මේ ආයතනයෙන් පාරිභෝගිකයන්ට හිමිවන විශේෂ වරප්‍රසාද තිබෙනවා ද ?

අනෙක් ආයතනවලින් ඇතැම් සේවාවන් සඳහා යම් මුදලක් අය කළත් අපි එවැන්නක් අපේ පාරිභෝගිකයන් වෙත නොමිලේ කරදෙනවා. සැලසුම අනුමත කර ගන්නට පමණක් ඇතැම් තැන්වල දී රුපියල් 3,000 ක් පමණ ගන්නවා. අපි ඒ මුදල අයකරන්නේ නැහැ. ඒ වඟේම ණය මුදලක් ලබාගැනීමට අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය ලියකියවිලි සියල්ල සම්පූර්ණකර දෙනවා. අපිත් වසර හතක් දක්වා පාරිභෝගිකයන් වෙනුවෙන් ණය පහසුකම් ලබාදෙනවා. ඉඩම් සහ නිවාස ව්‍යාපරය තුළ අනෙකුත් තරඟකාරී ආයතනවලට සාපේක්ෂව අපේ සමාගම පාරිභෝගිකයන් වෙනුවෙන් පහසුකම් රැසක් ලබාදෙනවා.

නිවෙසක් හෝ ඉඩමක් මිලදී ගැනීමේ දී පාරිභෝගිකයා විසින් මූලික වශයෙන් සියයට 40 ක මුදලක් ගෙවා ඉතිරිය මාසික වාරික වශයෙන් ගෙවන්න පුළුවන්. ඇතැම් ආයතනවල අවිනිශ්චිත බව හේතුවෙන් බැංකුවකින් ණය පහසුකමක් ලබාදෙන්නේ නැහැ. නමුත් අපේ ආයතනයට ඉහළ විශ්වාසයකින් යුතුව ඕනෑම බැංකුවකින් ණය මුදල් ලබාදෙනවා. ඉඩමක් සම්බන්ධයෙන් වන සියලුම ලියවිලි අප විසින් සම්පූර්ණ කර දෙනවා. ඉඩමක් හෝ නිවෙසක් මිලදී ගත් පසුව පාරිභෝගිකයන්ට යම් අවශ්‍යතාවක් වුවහොත් එය ඉටු කරන්නට ද අපි කටයුතු කරනවා.

ඇතැම් අවස්ථාවල පාරිභෝගිතයන් විසින් ඉඩමේ ඔප්පුව නැතිකර ගත් අවස්ථා තිබෙනවා. එවැනි අයට අපි නැවත ඔප්පුවක් ලබාදීමට කටයුතුකර තිබෙනවා. වසර දෙක තුනකින් හෝ මෙවැනි ප්‍රශ්නයක් ආවොත් එවැන්නකට සහාය දෙන්නට අපි කටයුතු කරනවා.

 

v සමාගමක් ලෙස ඉදිරියට ගමන් කිරීමේ දී තරඟකාරී ව්‍යාපාරික පරිසරය තුළ අභියෝග ජයගනිමින් අනාගතයට ප්‍රවේශ වීමේ සැලසුම් මොනවා ද ?

සමාගමක් වශයෙන් ඉදිරියට යාමේ දී ව්‍යාපාරික පරිසරය තුළ, තරඟකාරිත්වය තුළ මෙන්ම නවීන තාක්ෂණය තුළ විවිධ අභියෝග එන්න පුළුවන්. එම අභියෝග ජයගනිමින් ඉදිරියට ගමන් කිරීම අපේ ඉලක්කය වෙනවා. ඒ වඟේම ඉදිරියේ දී අපි රටපුරා සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි අපේ ව්‍යාපාරික කටයුතු පුළුල් කරන්නත් අපේක්ෂා කරනවා.

 

 

 


 මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න