IIHS වෙතින් ක්‍රීඩා සහ ව්‍යායාම කායික චිකි­ත්ස­ක­වේ­දි­යෙ­ක්වී­මට අව­ස්ථාව | දිනමිණ

IIHS වෙතින් ක්‍රීඩා සහ ව්‍යායාම කායික චිකි­ත්ස­ක­වේ­දි­යෙ­ක්වී­මට අව­ස්ථාව

අන්තර්ජාතික විශ්වවිද්‍යාල ඉගෙනුම් මධ්‍යස්ථානයක් වන The International Institute of Health Sciences කායික චිකිත්සකවේදය හැදෑරීම ඔස්සේ ක්‍රීඩා සහ ව්‍යායාම විද්‍යා උපාධියක් හැදෑරීමට මඟපාදමින් ගෝලීය වශයෙන් පිළිගත් වෘත්තීන්ට පිවිසීමට අවස්ථාව සිසු සිසුවියන්ට සලසා දෙයි. ඕස්ට්‍රේලියාවේ ඉහළින්ම පිළිගත් Southern Queensland (USQ) විශ්වවිද්‍යාලය සමඟ IIHS ඇති කර ගත් නවතම සහයෝගීතාව මඟින් සිසු සිසුවියන්ට එම විශ්වවිද්‍යලයට ඇතුළත්වී ඉදිරි අධ්‍යාපන කටයුතු කිරීමට මඟ සලසයි.

ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා බළකායට ඇතුළත් වීමට ඇති නවතම සහ ජනප්‍රියම මඟක් වන්නේ Queensland (USQ) විශ්වවිද්‍යාලයෙන් පිළිගත් උපාධියක් ලබා ගැනීමයි. IIHS වෙතින් කායික චිකිත්සකවේදී උසස් ඩිප්ලෝමාව වසර තුනක් තුළ හැදෑරීමෙන් පසුව තවත් වසර දෙකක් Southern Queensland (USQ) විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් පසුව ක්‍රීඩා සහ ව්‍යායාම විද්‍යා උපාධියක් (Bachelors in Sport and Exercise Science) හිමි කර ගත හැකිය. මේ සුදුසුකම ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා සහ ව්‍යායාම සමාජයේ සමාජිකත්වය ලබා ගැනීමට හේතු වේ. මෙමඟින් සිසු සිසුවියන් ලබන දැනුමෙන් සහ කුසලතාවෙන් ශරීර සුවතා සහ ක්‍රීඩා යන අංශවලට සම්බන්ධවී ඊට සම්බන්ධ විවිධ පාර්ශ්වවලට සිය දායකත්වය සපයා විශිෂ්ට වෘත්තීය ජීවිතයක් හිමි කර ගත හැකිය.

ක්‍රීඩා අධ්‍යපනයේ වැදගත්කම අවශ්‍යම කාලයක Southern Queensland (USQ) විශ්වවිද්‍යාලය සමඟ IIHS එක්වී කායික චිකිත්සකවේදී උසස් ඩිප්ලෝමා පාඨමාලාව ඔස්සේ ක්‍රීඩා සහ ව්‍යායාම විද්‍යා උපාධියක් හිමි කර ගැනීමට මඟ විවර කිරීම කාලීන අවශ්‍යතාවකි. මෙහි දී අධ්‍යාපන කටයුතුවලට අමතරව සිසු සිසුවියන්ට විවිධ ප්‍රජා ව්‍යාපෘති සහ පර්යේෂණ සිදු කරමින් දැනුම වර්ධනය කරගෙන සේවා බළකායට පිවිසීමට අවස්ථාව උදා වෙයි. වැඩි විස්තර දැන ගැනීමට IIHS වෙත පැමිණෙන්න.

නව අදහස දක්වන්න