19 න් පහළ ආසියානු කුසලානයේ නායකත්වය කමිඳුට | දිනමිණ

19 න් පහළ ආසියානු කුසලානයේ නායකත්වය කමිඳුට

අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට කමිඳු මෙන්ඩිස් පත්කර තිබේ.

එහි උපනායක තනතුර සඳහා ජෙහාන් ඩැනියෙල් නම් කොට ඇති අතර කමිඳු මෙන්ඩිස් වමතින් හා දකුණතින් එකම ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධය.

මැලේසියාවේදි නොවැම්බර් 09 දා සිට 20 දා දක්වා තරගාවලිය පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් අද ප්‍රකාශයට පත් කළේය.

සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ අනුමැතියද ලැබී ඇත.

තරගාවලිය ඉල්ලක කර ගනිමින් ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම පසුගිය ජුලි මාසයේ සිට පුහුණුවීම් කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

19න් පහළ ශ්‍රී ලංකා සංචිතය - කමිඳු මෙන්ඩිස්, ජෙහාන් ඩැනියෙල්, අශේන් බණ්ඩාර, ධනංජය ලක්ෂන්, නිශාන් මධුශංක, නිපු් ධනංජය, හසිත බෝයගේ, ක්‍රිෂාන් සංජුල, රන්දීර් රණසිංහ, තිසරු රශ්මික, නිපුන් රංසික, පී. ජයවික්‍රම, කළණ පෙරේරා, කේ.කේ. කෙවින්.

නව අදහස දක්වන්න