තහනම් මාළුවකු ඇල්ලූ ධීව‍රයෝ නාවික හමුදා දැලේ | දිනමිණ

තහනම් මාළුවකු ඇල්ලූ ධීව‍රයෝ නාවික හමුදා දැලේ

තහනම් කරන ලද විශාල මිනිමුතු මෝරා නමැති මත්ස්‍යයා නීති විරෝධී ලෙස අල්ලා ගත් ධීවරයන් පිරිසක් ඊයේ සවස නාවික හමුදා අත්අඩංගුවට පත් ව ඇත. මෙය වාලච්චේනේ දී සිදුව ඇති බවට ධීවර රැකියා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රුක්ෂාන් කෲස් මහතා පැවසීය.

කිලෝ 170ක් බරැති මේ මත්ස්‍යයා නීති විරෝධී ලෙස අල්ලාගෙන විකීණීමට තැත් කළ සැකකරු අත්අඩංගුවට ගෙන නාවික හමුදාව විසින් දිස්ත්‍රික් ධීවර රැකියා දෙපාර්තමේන්තුවට බාර දී ඇත.

ධීවර රැකියා දෙපාර්තමේන්තු නිලධාරීන් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් එම්. ගනේෂරාජා මහතා වෙත ඉදිරිපත් කළ අතර මුදල් හා ශරීර ඇප මත හැර ලබන 24 දින අධිකරණයට ඉදිරිපත් වන ලෙස ද නියෝග කරන ලදි. 

මඩකළපුව සමූහ ජවුෆර් ඛාන්


නව අදහස දක්වන්න