ජාතික සමඟියට හොරණ ශ්‍රීපාලියෙන් ආදර්ශයක් | දිනමිණ

ජාතික සමඟියට හොරණ ශ්‍රීපාලියෙන් ආදර්ශයක්

ජාතික සංහිදියාව සමගිය උදෙසා පාසල් මට්ටමින් වැඩසටහනක් හොරණ ශ්‍රිපාලි විද්‍යාලයෙන් ආරම්භ කර ඇත.වසර තුනක පමණ කාලයක සිට හොරණ ශ්‍රිපාලියේ දෙවන බස ලෙස දෙමළ විෂය හදාරණ දරු දැරියෝ යාපනය ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශ වල ඉතාමත් දුගී දෙමළ පාසල් වලට ගොස් එම විදුහල්වල දරු දැරියන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් ක්‍රීඩා කරමින් ප්‍රීතිවූහ.

ශ්‍රීපාලි විද්‍යාලයේ විදුහල්පති පද්මසිරි පෙරේරා මහතාගේ උපදෙස් මත සහකාර විදුහල් පති සරත් මුනිදාස,දෙමළ විෂය භාර ආචාරිනි විනීතා කුලතිලක,ව්‍යාපෘති භාර කේ.ඩී.ඩබ්.කුමුදිනි,අමිතා රණවක,රන්දිම උමගිලිය යන මහත්ම මහත්මීන් හා මවුපියන්ගේද සහයෝගය ඇතිව මෙම ව්‍යපෘතිය සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබී ඇත.

දෙවන භාෂාව ලෙස දෙමළ විෂය හදාරණ 10-11 ශ්‍රේණීවල සිසු දරු දැරියෝ 45ක් දෙමව්පියන් කීපදෙනකු හා ගුරු භවතුන් 5 දෙනෙකු මෙවර ත්‍රිකුණාමලයේ මෙතෝදිස්ත බාලිකා විද්‍යාලය(දෙමළ)වෙත ගොස් එම පාසලේ දරු දැරියන් සමඟ එක්ව සතුටින් ගත කළහ.

එහි ගිය පිරිස එම විදුහලේ විදුහල්පතිනි සුභද්‍රා ජෝන් දේවදාස් මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලය සිසු දරුවන් එක්ව උත්සවයක් සංවිධානය කර තිබිණි.

ඉතාමත් දුෂ්කර පාසලක් වන එම පාසලේ දරු දැරියන්ට තෑගි බෝග මෙන්ම වටිනා ජල පෙරන යන්ත්‍ර 04 ක් ශ්‍රීපාලි සිසුන්ගේ මව්පියන් විසින් පරිත්‍යාග කරන ලදී.

කුමාරි ගමගේ - ඉංගිරිය සමූහ

නව අදහස දක්වන්න