හැටන් ජනතාවට සිකුරාදාට මුහුදු මාළු | දිනමිණ

හැටන් ජනතාවට සිකුරාදාට මුහුදු මාළු

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පවතින මන්දපෝෂණය තුරන් කිරිමේ අරමුණ මත අලුත් මිරිදිය හා කරදිය මාළු ඉතාමත් අඩු මිලකට සිකුරාදා දිනවලදි පමණක් ලබා දිමට හැටන් කරදිය මාළු වෙ‍ළෙද සල පියවර ගෙන ඇත.මේ පිලිබදව කරන ලද විමසිමකදි එම වෙළෙද සලේ හිමිකරු මිරාන් කාවින්ද ද සිල්වා මහතා කීවේ ධිවර අමත්‍යාංශයේ දැනුවත් කිරිම මත නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පවතින මන්දපෝෂණය තුරන් කිරිමේ අරමුණ මත ගුණදායක කරදිය හා මිරිදිය මාළු ඉතාමත් අඩු මිලකට ලබා දිමට තිරණය කළ බවය.

ඒ අනුව අද (13) සිට සෑම සිකුරාදා දිනකම සියලුම මාළු වර්ග ඉතා අඩු මිලකට ලබා දිමට පියවර ගන්නා බවද කීය. 

හැටන් මධ්‍යම වීශේෂ

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න