මොරගහකන්දේ කසිප්පු කොළඹට | දිනමිණ

මොරගහකන්දේ කසිප්පු කොළඹට

මොරගහකන්ද ජලාශයට යටවන ඉඩම්වල කසිප්පු පෙරා කොළඹට ප්‍රවාහනය කරන මහා පරිමාණ ජාවාරමක් ඉකුත් දා රාත්‍රියේ හෙළි කර ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමකට හැකිව තිබේ. මිට සති දෙකකට පෙර මේ රක්ෂිත ප්‍රදේශවල ඇති විශාල කුඹුක් ගස් කපා කුට්ටි කර ටයිල්ස් කැපීම සඳහා ප්‍රවාහනය කරන ජාවාරමද පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමට අනාවරණය කර ගැනීමට හැකි විය . මොරගහකන්ද රක්ෂිතයේ සිට ලග්ගල හරහා මෝටර් රථයකින් කසිප්පු බෝතල් 96ක් පමණ ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් සහ දඹුල්ල පොලිසියේ නිලධාරින් දෙදෙනෙකු පසුපස ලුහුබඳිමින් මෝටර් රථයක් සහ පුද්ගලයන් දෙදෙනා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ දී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කාලයක් තිස්සේ මෙම පුද්ගලයන් මොරගහකන්ද ජලාශයට ඉඩම් අත්පත් කොට කැලේ එළි පෙහෙළි කරන ජන ශූන්‍ය ප්‍රදේශවල මහා පරිමාණයෙන් කසිප්පු පෙරා මේ ආකාරයෙන් ජාවාරම සිදු කරන යන බවට පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබී තිබේ. ඒ අනුව පොලිස් කණ්ඩායමක් කසිප්පු ප්‍රවාහනය කරන මෝටර් රථය සහ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් කසිප්පු තොගය මෝටර් රථය සහ පුද්ගලයන් දෙදෙනා 11 දින රාත්‍රියේ දඹුල්ල පොලිසියට බාරදී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මෝටර් රථය මීරිගම ප්‍රදේශයේ

පදිංචිකරුවන් බව පොලීසිය කියයි. කසිප්පු පෙරණ ස්ථානය සහ අනෙකුත් සැකකරුවන් පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන බව දඹුල්ල පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් සහ කසිප්පු තොගය මෝටර් රථය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය දඹුල්ල කඳවුරේ අණදෙන නිලධාරීවරයා ඇතුළු විශේෂ කණ්ඩායමක් වැටලීම සඳහා එක්ව සිටියහ .

සිගිරිය විශේෂ 

නව අදහස දක්වන්න