කිතුල්ගල රෝහලේ අඩුපාඩු මාධ්‍ය මඟින් කීවාම සුව සේවා අධ්‍යක්ෂගෙන් බැණුම් | දිනමිණ

කිතුල්ගල රෝහලේ අඩුපාඩු මාධ්‍ය මඟින් කීවාම සුව සේවා අධ්‍යක්ෂගෙන් බැණුම්

කිතුල්ගල දිසා රෝහලේ අඩුපාඩු රැසක් ඇති බව මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රෝහලට පැමිණ නිලධාරීන්ට බැන වැදීම තරයේ හෙලා දකින බව රෝහල් ප්‍රවර්ධන සමිතිය කියයි.

මේ පිළිබදව රෝහල් ප්‍රවර්ධන සමිතිය වෙනුවෙන් අදහස් ඉදිරිපත් කළ එහි භාණ්ඩාගාරික ඒ.ඩබ්.එස්. ජයන්ත මහතා අප රෝහලේ තියෙන අඩුපාඩු පිළිබදව රෝගීන්ගේ යහපත වෙනුවෙන් ඉතාමත් සද්භාවයෙන් හැම කටයුත්තක්ම කළා. රෝහලේ තත්ත්වය පිළිබඳ අදාළ හැම දෙනාටම ලිඛිතව දැනුවත් කළා. අදාළ බලධාරීන්ගෙන් කිසිම පිළිතුරක් නෑ. පසුගියදා මාධ්‍ය පැමිණ අපෙන් තොරතුරු දැනගත්තා. නිවැරැදි තොරතුරු ලබාදීම රෝහල් ප්‍රවර්ධන සමිතිය වශයෙන් අපේ යුතුකමක් වගකීමක්. ඒ නිසාවෙන් දැනුවත් කළා මිස සෞඛ්‍ය බලධාරීන් කිසිවකු අපහසුතාවට පත්කිරීම අපට කිසිසේත්ම උවමනාවක් නෑ. පසුගියදා සබරගමුව පළාත් සභා ප්‍රධාන ඇමැතිතුමා නිරීක්ෂණ චාරිකාවක් සඳහා රෝහලට පැමිණියා. ඉදිකරමින් යන පරිපාලන ගොඩනැඟිල්ල බැලුවා. ඊට පසුව පැමිණි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඉතාමත් පහත් අන්දමින් මාධ්‍යට තොරතුරු දුන්නායැයි රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී තුමාට බැණ වැදුනා. එම සිදුවීම ඉතාම පිළිකුලෙන් යුතුව තරයේ හෙලා දකිනවා.“

මේ වන විට රෝහලේ දෙමහල් පරිපාලන ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පවතී. එහෙත් රෝහලේ වාට්ටු සංකීර්ණයේ වහල දිරාපත් වීමෙන් කඩා වැටෙන්නට ආසන්න බවද සමහර ස්ථානවලට මුක්කු යොදා ඇති බවද රෝගීහු පවසති.

යටියන්තොට වි‍ශේෂ සමන් එස්. රත්නායක

අදහස් 2ක් ඇත

වහලේ පාත් වෙන අඩුපාඩුවට ඔය දෙබලකුත් ගහල තියෙන්නේ තවත් මොන උලවූ ද

වහලේ පාත් වෙන අඩුපාඩුවට ඔය දෙබලකුත් ගහල තියෙන්නේ තවත් මොන උලවූ ද

නව අදහස දක්වන්න