කාන්තාවක් අධිකරණයේ දී පොලිස් සැරයන්ට පහර දීලා | දිනමිණ

කාන්තාවක් අධිකරණයේ දී පොලිස් සැරයන්ට පහර දීලා

පාණදුර සමුහ කපිල සෝමරත්න

පාණදුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදි ඊයේ (12) අධිකරණ කටයුතු පවත්වාගෙන යන අතරතුරදි අධිකරණයේ සාක්කි කුඩුව අසල සිටි බණ්ඩාරගම පොලිසියේ සැරයන් සුනිල් මහතාට කාන්තාවක් විවෘත අධිකරණයේදී පහරදීම නිසා නඩු කටයුතු අතිරේක මහේස්ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මිය විසින් පැය භාගයකට කල් තැබුවාය.

මෙම කාන්තාව මෙදින උදැසන 8 30 ට පමණ අධිකරණ භුමියේ දොරටුවේදී කලබැගැනියක් කර පොලිස් කාන්තාවකටද බැණ අධිකරණයේ පැවැති නඩුවකට පැමිණි අැගෙ විවාහක සැමියාටද කුඩයකින් පහර දී තිබේ. ඇය අධිකරණයට පැමිණ සිටියේ ඇගේ සැමියා සම්බන්ධ නඩුවකටය. පොලිසියේ සැරයන්වරයාට පහරදී පාරට පැමිණි අැයව පොලිස් නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන මෙහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කෙරිණ. අැය උමතු රෝගයකින් පෙලෙන බවට සැකකළ මහේස්ත්‍රාත්වරිය අැය මානසික රෝහල වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා තුරු රක්ෂිත බන්ධනාගාරගත කළාය. පොලිස් සැරයන්වරයාට පහරදීමෙන් පසුව ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ.

ඇයව අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය උමතු රෝගයකින් පෙළෙන බවට සැක පහල වී ඇයව රක්ෂිත බන්ධනාගාරගත කළ අතිරේක මහෙය්ස්ත්‍රාත්වරිය ඇයව මානසික රෝහල වෙත ඉදිරිපත් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියම කළාය. 

අදහස් 1ක් ඇත

උමතු නැති බොහෝ කාන්තාවන් ුද ගෙවල් වල හැසිරෙන්නේ මෙහෙම තමයි. තමන්ගෙම පුංචි දරුවට අමානුෂික ලෙස බනින ගහන නරිසි නොන්නා කෙනෙක් ඉන්නවා කොළඔට ආසනන් ගමක. ස්වාමියාට කතා කරන්නේ බල්ලා බුරුවා කියලා. නැන්දනියට කතා කරන්නේ අසැබි වචනයෙන් මුළු ගමටම ඇහෙන්න්. හැබැයි එහෙම කෑගහලා ගෙයම ගිනිතියලා කලිසමකුත් ඇදගෙන මේකප්දාගෙන වැඩටත් යනවා ලැජ්ජාවක් නැතුව. මෙයඇතත්ටම අද රටට වසංගතයක්. විශේෂයෙන් රැකියාවල් කරන තරුණ අම්මලාට කිසිම ඉවසිමක් නැහැ. සැමියා එක්ක තරහා වුනාම ලග ඉන්න දරුවට තඩිබානවා. දරුවට පාසැල් ගොස් ඇවිත් සෙල්ලමක් කරන්න දෙන්නේ නැහැ. අම්මට නිවාඩු තියෙන්නේ එවෙලෙට නම් අර දරුවව බලහත්කාරයෙන් පාඩම් වැඩ ආයිත් කරවනවා. අම්ම ාකැමති පංති 10 ට විතර දරුවව දක්කාගෙන යනවා. මෙය මහා භේදවාචකයක්. අසරන දරුවන්ට කියන්න කෙනෙක් නැහැ. අම්මා තාත්තා දෙන්නම ඉන්නවා නම් අපි හිකතන්නේ දරුවා රජ ටිකට ඉන්නවා කියලයි. එහෙම නැහැ. තමන්ගේම මෝඩ උද්දච්ච අම්මලා අතින් කුනුහුරුපෙන් බැනුම් අහන, රුපවාහිනියෙ කාටුන් එකක් බලන්න බැරැව ගෙවල් ඇත්ලේ අඩන දරුවො සල්ලි තියෙන මධ්‍ය පවුල් වලත් ඕන තරම් ඉන්නවා.්‍ මේ දරුවො ගැන කවුරුත් හොයලා බකන්නේ නැහැ. මානාසිකව විදින වදය විස්තර කල නොහැකියි.

නව අදහස දක්වන්න